ජනතාවට වත්මන් ජනපති ගැන තිබුණ විශ්වාසය නැති වෙලා – සජිත්

Date:

කොළඹ LNW:අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා පැවසූ දේවල් හා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කරන දේවල් ජනතාව සංසන්දනය කරන හෙයින් අත්‍යාවශ්‍ය ආහාරවල මිල හෝ අඩු කිරීමට අපොහොසත් වී ඇති බව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරයාට විධායක ජනාධිපති බලතල භාවිත කර අවම මිලක් නියම කළ හැකි වුවත් ඔහු එසේ නොකරන බවත් තෙල් මිල, විදුලි බිල, බදු අඩු කරන බව පැවසුවද ඉන් එකක්වත් සිදු නොවු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තෙල් මිල සූත්‍රය වැරදියි කියා එයට විරුද්ධව කතා කළ අනුර කුමාර දිසානායක මහතා අද තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම පාස්පෝට් පෝලිමට විසදුම් දෙන බව පැවසුවද පාස්පෝට් පෝලිම එන්න එන්න වැඩිවූ බවත් ඔවුන් දිනෙන් දින රටේ ජනතාව රැවටු බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා කිව්වත් එයද නොවන බවත් මේ දෙබිඩි දේශපාලනය නිසා රටම අනාථ වී ඇති බවත් හෙතෙම තවදුරටත් කියාසිටියි.

මේ වන විට ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන තත්ත්වයට පත්ව ඇති නමුත් සමඟි ජන බලවේගය එසේ නොවන අතර බලයට පත්වු විගසම මේ ගිවිසුම වෙනස් කරන බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළකළේ කොළඹ කෝට්⁣ටේ ඔබේසේකරපුර පැවැති ජන හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...