අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජල ගැලීම් ඇතිවී තිබූ අතර මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි කොළඹ නාගරික මන්ත්‍රී කිතිස්‍රි රාජපක්ෂගේ නිවස ද ජලයෙන් යටවී තිබේ.
එම ප්‍රදේශයේ මාර්ග ද මේ වනවිට අවහිර වී ඇති බව සඳහන්.
මෙම ජල ගැලීම් නිසා කොළඹ මාර්ග රැසක අධික රථ වාහන තදබදයක් ද උද්ගතවී ඇති බවත් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ද ප්‍රමාද වනු ඇති බවත් වාර්තා විය.


