දිලිත්ගේ MJP මංගල දිස්ත්‍රික් සමුළුව ගාල්ලේදී (VIDEO)

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) පැවැත්විණි.

ඒ, ගාල්ල නගර ශාලාවේදී ය.

මෙම සමුළුව සඳහා මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, පක්ෂ සභාපති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සමුළුව අමතමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ තමන් වසර 30ක් තිස්සේ වක්‍රව දේශපාලනයට සම්බන්ධ වී සිටි බවත් මෙරට ජාතිකත්ව කඳවුර නියෝජනය කළ බවත් ය. ඒ ජාතිකත්ව කඳවුර නියෝජනය කළ නායකයින් පෞද්ගලික අභිලාෂ නිසා එම කඳවුර පාවාදී ඇති පසුබිමක එය රැකගැනීම සඳහා තමන් මෙවර සෘජුවම දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතිකත්ව කඳවුර යනු මේ රටට ආදරය කරන දේශප්‍රේමීන්ගේ කඳවුර බව පැවසූ ජයවීර මහතා මින් ඉදිරියට ඒ කඳවුර නියෝජනය කිරීමට වෙනත් කිසිවකුට ඉඩ නොතබන බවත් ජාතිකත්ව කඳවුර හා කිසිවකු එක්වන්නේ නම් ඒ මව්බිම ජනතා පක්ෂය හරහා ගොඩනැගෙන වැඩපිළිවෙලක් තුළ පමණක් බවත් අවධාරණය කළේය.

සමුළුවෙන් පසු දිලිත් ජයවීර මහතා පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත වී සිටිනු දක්නට ලැබිණි.

“ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් නිර්මාණය කිරීම” යන තේමාවෙන් යුතුව මව්බිම ජනතා පක්ෂයේ මෙම දිස්ත්‍රික් සමුළු මාලාව පැවැත්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...