*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ආසියානු සභාපතිගේ සහ ක්‍රිඩා ඇමතිගේ වෙට්ටු සහ රගර්

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති “කයිස් අල් දලායි” විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව පැවසූ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.ඔවුන් පවසන්නේ කයිස් අල් දලායි තහවුරු කළ එම තීරණය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.තවද, මෙහිදී රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා නොදෙන සංගම්හි ඡන්ද අයිතිය ඉවත් කරමින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් සැකසීම සඳහා ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඇතුලත් කිරීම පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ බව ද අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.අප ශ්‍රී ලංකා රග්බි තහනම සඳහා බල පෑ හේතු මුල සිටම පැහැදිළි කළ අතර මේ නිවේදනයේ ඉහත කරුණු දෙක ඇසුරෙන් පමණක් වුව ද,අප විසින් මතු කරන ලද අමාත්‍යවරයාගේ හැසිරීම සහ ආසියානු සංගමයේ හැසිරීම තහවුරු කර ගැනීමට හැකිය.ආසියානු රග්බි සංගමය කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා රග්බි සමඟය.එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්ප්‍රදාය වන්නේය.

නමුත් කයිස් අල් දලායි බලයට පැමිණෙන විට ඔහුගෙන් ආධාර ලබාගෙන ඡන්දය දීමේ පොරොන්දුව කඩ කිරීමට කටයුතු කළ එවකට රග්බි සභාපතිවරයා වූ සහ මෑතක් වන තුරුම අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක්ව සිටි ලසිත ගුණරත්න ඡන්දය ලබා දුන්නේ අල් දලායිගේ ප්‍රතිවාදියාටය.මේ තත්ත්වය නිසා ශ්‍රි ලංකා රග්බි සමඟ දුරස්තභාවයක සිටි අල් දලායි ඔහුගේ මිත්‍රයෙක් වු ශ්‍රි ලංකා හිටපු රග්බි සභාපතිවරයෙක් වුු අසංග සෙනවිරත්න සමඟ සමීපව එවකට ක්‍රිඩා අමාත්‍ය ධූරයට පත් නාමල් රාජපක්ෂ සමඟ සම්බන්ධ වූවේ ශ්‍රී ලංකා රග්බි සමඟ සම්බන්ධතාවය දෙවැනි කොටය.එය ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රිඩාවක් ලෙස සැළකෙන රග්බි ක්‍රීඩාවට කළ නොහැකි දෙයකි.නමුත් නාමල් රාජපක්ෂට දේශපාලනමය වශයෙන් නම්මා ගත හැකි අසංග සෙනවිරත්නට ව්‍යවස්ථාවේ නැති තනතුරක් මවමින් රග්බි ක්‍රිඩාවේ පරිපාලනයට සම්බන්ධ කරන්න අමාත්‍යවරයා සහ කයිස් අල් දලායි එකඟතාවයෙන් කටයුතු කරන්නේය.එම පත්වීම සම්බන්ධ ලිපියේම ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම දෙපාර්ශවයේ සම්බන්ධය සටහන් කර ඇත.එයට ශ්‍රි ලංකා රග්බි වෙතින් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේය.

හේතුව අසංග මෙන්ම ලසිත ද සිය ධූර කාලයේදී විශාල ණය මුදලක් තබා ගොස් තිබිමෙන් රගර් පරිපාලනයේ විශ්වාසය බිඳ තිබූ හෙයින්ය.එසේම අසංග සභාපති පදවියේ සිටින කාලයේදී විදේශිය ක්‍රිඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කිරීම නිසා තවමත් ශ්‍රී ලංකා රග්බි විසින් පවුම් 50000 ක මුදලක් දඩ වශයෙන් වාරික ලෙස ජාත්‍යන්තර සම්මේලනයට ගෙවමින් සිටින නිසාත්ය.නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද ආසියානු සභාපතිවරයාගේ පැත්තේ සිටගෙන මෑතක් වන තුරු හිටපු සභාපතිවරයාට බාධා කරමින් ශ්‍රී ලංකා රගර්වලට තහංචි පිට තහංචි දමන්නේ මේ තත්ත්වය සමඟ ආසියානු සභාපතිවරයා සහ ශ්‍රි ලංකා සභාපතිවරයා අතර සිඳු වූ වාචික සංග්‍රාමය හේතු කරගෙනය.ඊට හේතු වූයේ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට සම්බන්ධ නිල වපසරිය නියෝජනය කරමින් බහුතර කැමත්ත සහිතව ජාත්‍යන්තරයට වගකීම සඳහා පත් කළ රගර් පරිපාලනය පසෙකට දමා ශ්‍රී ලංකා රගර් සම්බන්ධයෙන් ආසියානු සම්මේලනය සහ ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය තීරණ ගැනීමය.එය බරපතල වරදකි.

මේ ගැටළුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට මාරු වූ විට ඊට පෙර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගත් තීරණය අධිකරණය ඉදිරියේ ලිහී යමින් තිබිණ.නමුත් අමාත්‍යංශය සහ අමාත්‍යවරයා විදිහට එම තිරණය භාර ගැනිම වෙනුවට රොෂාන් රණසිංහ හැසිරුණේ අමාත්‍යවරුන්ගේ පෞරුෂය රකිමින් කෙසේ හෝ රගර් පරිපාලනය තහනම් කරන්නට හේතුවක් සොයා ගන්නටය.අවසානයේ ආසියානු සභාපතිවරයා විසින් සිය වරද තබාගෙන සිය බලය යොදා ශ්‍රි ලංකාවට තහනම් පැනවීමට ගත් යෝජනාව ක්‍රිඩා අමාත්‍යවරයා යොදා ගත්තේ ඔහු ද ඒ මත සිට ගැනීමය.අමාත්‍යවරයා එහිදී සිය රටේ ක්‍රීඩාවට අනියම් විදිහට අත පෙවීමට ගත් උත්සාහයට විරුද්ධව නැඟී සිටින්නට පන තිබුණ පාලකයෙක්ට එරෙහිව කටයුතු කරමින් සිඳු කළේ ඔහු කෙතරම් බිඳුණු පුද්ගලයෙක්ද යන්නය.මෙය මෙම සිඳුවීම නැවත මුල සිටම කියවා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා ගත යුතු ප්‍රශ්නයක්ය.ජාත්‍යන්තරයටත් දැනෙන්න අමාත්‍යවරයාට රගර් සභාපතිවරයා ගැන පරීක්ෂණයක් කරන්නට තිබිණ.ඉන් අනතුරුව තීරණ ගැනීමට තිබුණත් ක්‍රිඩා අමාත්‍යවරයා හැම වෙලේම දැඩි තීරණවලට තමාට ඇති බලය පදනම් කරගෙන එළැඹි අතර ඒවා බොහෝ විට ලබා දුන්නේ ජාත්‍යන්තර තහනම් සහ නැවත නීතියෙ උපදෙස් අනුව පසුපසට ගන්නට සිදුවීමය.කෙසේ හෝ මේ මොහොතේත් ආසියානු සභාපතිවරයා සිය කළාපයේ රට නියෝජනය කරන නිල රගර් පරිපාලනයට ජාත්‍යන්තර තහනම ඉවත් කරන බව නොදන්වා දැණුම් දෙන්නේ අමාත්‍යවරයාටය.

රගර් ගැන කතා කරන්නේ දේශපාලක බලධාරියා සහ ආසියානු සභාපතිවරයා ය.මේ මානසික තත්ත්වය ඇතුළේ අමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකාව ඡන්දය නොදීම සම්බන්ධයෙන් දෙයාකාරයකින් කරහ පිරිමසා ගන්නා ආසියානු සභාපතිවරයා ද හඳුනා ගැනීම අපහසු නැත.ආසියානු රගර් පරිපාලන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පිහිට ද ගෙන වසර සියයකට වඩා පැරණි ශ්‍රී ලංකා රගර් හී අභිමානය උපක්‍රමිකව බිඳ දමමින් තමන්ට ඡන්දය නොලැබුණු පාඩුව මේ වන විටත් පිරිමසාගෙන අවසන්ය.එසේම ඒ අතපෙවීම් සහ බාධාකිරීම් නිසා හරියට ක්‍රියාත්මක නොවුණ ශ්‍රි ලංකා රගර් පහතට හෙලා මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මුල් වටයෙන් ඉදිරියට තල්ලු වෙන්න මාර්ගය සකසා ගෙන ශ්‍රී ලංකාවට ඉහළින් සිට තරගාවලිය නිමා කරන්නට සමත් විය.ක්‍රිකට් පිටියේ පර්සි කළ අකාරයට රොෂාන් රණසිංහ ආසියානු සභාපතිවරයාගේ රටට කොඩිය උස්සාගෙන නොගියාට ජයග්‍රහණයට අවශ්‍යය පාරට පාවඩ එලා දුන්නේය.

“ශක්තිමත් පාලන ව්‍යූහයක් නිර්මාණය කිරීමටත්, ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අවස්ථාව ලබාදීම පිළිබඳව ලෝක සහ ආසියානු රග්බි සම්මේලනයන්හි නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ස්තූතිය පුද කළේය.”එයද විශේෂ කොට තිබෙන්නේ ද ශ්‍රි ලංකාවේ රගර් ගැන ආසියානු සභාපතිවරයා සහ ක්‍රිඩා අමාත්‍යවරයා අතර සිඳු වූ සාකච්ඡාව ගැන ක්‍රීඩා අමාත්‍යංශය එවූ මාධ්‍ය නිවේදනයේම ඇති කරුණක්ය.ඒ කියන්නේ තව දුරටත් ශ්‍රී ලංකාවේ රගර්වල කළ යුත්ත ආසියානු සභාපතිවරයාව මැදිහත්ව කරන්න හදන්නේ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි.නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ආසියානු සභාපතිවරයා සමඟ එක්ව නව කමිටුවක් ගෙන ආ ආකාරයට තව දුරටත් සිය රටට ශ්‍රී ලංකාවට උඩින් වැජඹෙන්නට හැකි ලෙස ශ්‍රී ලංකාවේ රගර්වල හැඩය සකසා ගන්නට ආසියානු සභාපතිවරයා පාවිච්චියට ගන්නේම මේ රටේ ක්‍රීඩාවෙ සර්වබලධාරියා ලෙස වැජඹෙන්නට තතනන ක්‍රීඩා ඇමතිවරයාය.

ආසියානු ක්‍රිඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ගේ ආශිර්වාදය ඇතුව ආසියානු සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් පෙට්ටිය සකස් කළේය.දැන් අමාත්‍යවරයා සැරසෙන්නේ ආසියානු සභාපතිවරයාට වල කපා වල දමන්නට උදැල්ල සොයා දෙන්නය.එහි පළමු පියවර සාර්ථකව අවසන්ය. ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාව පසුකර ආසියාවේ ශ්‍රී ලංකාව පෙර සිටිය ඉහළ මට්ටමට සමීප වෙන්නට සමත් වූ ආසියානු සභාපතිවරයාගේ ඊළඟ පියවර සාක්ෂාත කර ශ්‍රි ලංකාවේ රග් වසර සිය ගණණක් පුරා රැකි අභිමානය ඉතා පහසුවෙන් අපවාදවලින් සහ පරාජයන්ගේ පුරවන්නට වත්මන් ඇමතිවරයා දක්ෂ ලෙස ක්‍රිඩාව මෙහෙයනු ඇත.මේ ඡායාරූපය ක්‍රිඩා අමාත්‍යවරයා සහ ආසියානු සභාපතිවරයාගේ හමුවෙන් උපුටා ගත්තකි.තවත් හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට පෙන්නන්නට මේ සුසංයෝගය වැඩ කටයුතු කරනු නො’අනුමානය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan