වෘත්තිකයින්ට බදු ගහද්දි ක්‍රිකට් ක්‍රීඩකයින් නිදහස් වුණේ කොහොමද ? GMOA ප්‍රශ්න කරයි

Date:

කොළඹ LNW:වෘත්තිකයින් සදහා වැටුපට බදු ගසමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට බදු සහන ලබාදීම සිදුවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අද (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

එලෙස බදු සහන දී ඇත්තේ පනතේ සංශෝධනයක් මඟින් නම් ඒ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් කළ යුතුව ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.

බදු උපදේශකයින් පැවසුවේ කිසිවෙකුට හෝ බදු සංශෝධන ලබා නොදෙන බව වුවද මෙලෙස ඇතැම් පුද්ගල කණ්ඩායම් බදු වලින් නිදහස් වී තිබීම ප්‍රශ්න සහගත බව ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද අදහස් දක්වන ලදී.

අලුත්ගේ මහතා පැවසුවේද ක්‍රිකට් ක්‍රීඩකයින් බදු වලින් නිදහස් ව ඇති බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ලිපිය සම්බන්ධයෙන් දේශීය අදායම් කොමසාරිස්ගෙන් විමසීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම රටේ පවතින ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ බවද අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

තත්ත්ව රසායනාගාරයක අවශ්‍යතාවද පෙන්වා දුන් බවත් හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳවද නව අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ බවයි ඔහු පැවසුවේ.

පවතින බරපතල සෞඛ්‍ය ගැටලුවලට කඩිනමින් විසඳුම් නොදෙන්නේ නම් නැවතත් හොරු එම තැන්වලට පත්විය හැකි බවද අලුත්ගේ මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...