*
Monday, October 14, 2024
spot_img

Latest Posts

“හරිත රටක්” නිර්මාණය කිරීමට කැපවෙමු!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “හරිත රටක්” නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සඳහා සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා විද්‍යුත් වාහන ආනයනයට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් රජයෙන් ඉල්ලා ඇත.

සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වන විද්‍යුත් වාහන (EV) බලපත්‍ර ක්‍රමය මඟින් මෙරට මෙම හරිත සංකල්පය ප්‍රවර්ධනය කිරීමෙන් සහ සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හකිවනු ඇති අතර එමඟින් මෙරටට විදේශ විනිමය විශාල වශයෙන් ඉපැයීමට හැකි බවද පෙන්වා දී ඇත.

මෙම අංශයට සම්බන්ධ පුද්ගලයින්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණක් ලෙස සංචාරක ප්‍රවාහන අමාත්‍යාංශයට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා සංචාරක කර්මාන්තයේ නියුතු අයට අවසර දිය හැකිය.

විදේශ විනිමය ඉහළ නැංවීම සහ පරිසරයට ඇති කරන හිතකර බලපෑම උදෙසා සාර්ථක වැඩපිළිවෙලක් ලෙස විද්‍යුත් වාහන සඳහා ආනයන බලපත්‍ර ලබා දෙන ලෙස සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

සංචාරක ප්‍රවාහනය සඳහා විද්‍යුත් වාහන (EV) යෙදවීමෙන් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට රජය දක්වන කැපවීමේ සහයෝගයක් දැක්වීම ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) හොඳම අවස්ථාව බව සංචාරක මගපෙන්වන්නෙකු වන සංගමයේ උප සභාපති කථිකාචාර්‍ය රංජිත් සුදසිංහ මහතා පවසයි.

ද සිටින බුද්ධිමත් සංචාරකයින්ට අවශ්‍ය වන්නේ අප සොබාදහම් මාතාවට ලැබිය යුතු ගෞරවයෙන් සලකනු දැකීමයි. කෙසේ වෙතත්, සංචාරක කර්මාන්තයේ නියලෙන වැඩි කොටසක් පැමිණෙන්නේ ඉනධන වලින් ක්‍රියාත්මක වන වාහන වලින් වන අතර විද්‍යුත් වාහන ඇත්තේ ඉතා සීමිත වශයෙනි. පරිසර දූෂණයට සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එහි දායකත්වය හේතුවෙන් මෙය සංචාරකයින්ටද බලපානු ලබයි. සංචාරකයින්ට හරිත හෝටල්වල නවාතැන් ගැනීමට පමණක් නොව, තිරසාර සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන අංගයන් සමඟ හරිත සංචාර සංකල්පය වඩිදියුණු වනු දැකීමට අවශ්‍යයි” ලෙස ඔහු ප්‍රකාශ කළේය.

දැනට අපේ සංගමයේ සාමාජිකයින්ට ගෙවන්නේ කිලෝමීටරයකට ත්‍රිරෝද රථ ගාස්තුවට වඩා අඩු මුදලක්. අපගේ ගමන් ගාස්තුව ඒ අනුව ඉතා සොච්චමක්. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්” ඔහු පෙන්වා දුන්නේය.

MDB සමඟ එකතුවී තීරුබදු රහිත විද්‍යුත් වාහන ලබා ගැනීමට අදාළ බලධාරීන්ට උපකාර කළ හැකි නම්, එයින් ප්‍රතිලාභ රැසක් ඇත. එනම් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනය ක්‍රියාවලිය සඳහා දායක වීමට උපකාරී වනු ඇති බවද සංචාරක කර්මාන්තයේ නිරත වන්නන් පෙන්වා දෙයි.

එමඟින් සංචාරකයින් විසින්, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සැබවින්ම පරිසර හිතකාමී සන්නාමයක් ලෙස හඳුනා ගනු ඇති අතර සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan