ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිකට් එපා වුණා – අර්ජුන කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අද පත්ව ඇති තත්ත්වය ගැන සිතා බවත්, අර්ජුන රණතුංග මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා පත් කල කමිටුවේ තමාටද වගකීමක් භාරදී ඇති බවත්, තමාගේ වැඩි අවධානය යොමු වෙන්නේ ක්‍රිකට් සඳහා මිස පරිපාලනය දෙසට නොවන බවද අර්ජුන මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා ඇමතිතුමා තමයි ඒක පත් කරලා තියෙන්නේ. මම හිතන්නේ සෑහෙන කාලයක් එතුමා මේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ ක්‍රිකට් අද වැටිලා තියෙන තත්ත්වයත් එක්කයි මේ තීරණය ගන්න ඇත්තේ. එතුමා පත්කරපු කමිටුවේ මටත් වගකීමක් භාරදීලා තියෙනවා. මගේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ ක්‍රිකට් පැත්තට. පරිපාලනය පැත්තට තව කණ්ඩායමක් තියෙනවා. ඒ හරහා අපට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රිකට් ගොඩගන්න. ඒ සඳහා අපේ පුළුවන් සහයෝගය ලබාදෙනවා. මේ පාර අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න. ලංකාවේ මිනිස්සුන්නට ක්‍රිකට් එපා වුණා. ලංකාවේ තිබෙන හොරම දූෂිතම ආයතනය මේක බවට පත්වුණා. මේ සියල්ලම වෙනස් වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන ක්‍රිකට් කණ්ඩායමක් සහ ආයතනයක් බවට පත් කිරීමට සහ රටට ආදරය කරන ක්‍රිඩකයන් ටිකක් හදා ගැනීම තමා මගේ බලාපොරොත්තුව.

මම නීතිය ගැන කතා කරන්නනේ නෑ. මම එකට දක්ෂ කෙනෙක් නෙමෙයි. නමුත් මහජනයාට අවශ්‍ය කරන දේ අද අපට තේරිලා තියෙනවා. අපිට වැඩක් භාරදිලා තියෙනවා අපි එ්ක භාර ගන්නවා. හරියට කරනවා. අපිට යන්න කිව්වොත් අපි යනවා. මේක අපි බලෙන් ඉල්ලගෙන ආපු එකක් නෙමේ.”

1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව පැවරී ඇති බලතල මත ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතුරු කමිටුවක් පත්කර ඇති අතර, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අනුව තාවකාලිකව අත්හිටුවනු ලැබූ බවයි වාර්තා වන්නේ.

අර්ජුන රණතුංග මහතා සභාපතීත්වය දරණ එම කමිටුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් ,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රකිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්ඩීන් යන අය සෙසු සාමාජිකයන් වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අතර, නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...