මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක්!

කොළඹ LNW:2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත්තේ 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම්කරමිනි.

2024 සැප්තැම්බර් මාසයේ දී විදේශ විනිමය සංචිතය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසින් වන අතර ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා එය 7.3%කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42ක් දක්වා 5.8% කින් වැඩී වී ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුවය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...