මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක්!

Date:

කොළඹ LNW:2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත්තේ 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම්කරමිනි.

2024 සැප්තැම්බර් මාසයේ දී විදේශ විනිමය සංචිතය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසින් වන අතර ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා එය 7.3%කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42ක් දක්වා 5.8% කින් වැඩී වී ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුවය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගැන සොඳුරු මතකයක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර...

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...