පාස්කු පෙත්සමක් දෙසැම්බර් 17 යළි විභාගයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

මෛත්‍රීපාල සිරිසේන මහතා , පෞද්ගලික පැමිණිල්ලක සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නිකුත් කර ඇති සිතාසිය නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ ආචාර්ය ෆායිස් මුස්තාපා මහතා අද (07) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයේ වින්දිතයෙකු බවට පත්ව සිටින එන් ජේසුදාසන් නමැති පුද්ගලයෙකු විසින් එම අදාළ පැමිණිල්ල ගොනුකර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළ බවට චෝදනා කරමින් එය ගොනුකර තිබුණි.

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම, අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණු අතර, අභියාචානාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ බව සඳහන් වේ.

පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ ආචාර්ය ෆායිස් මුස්තාපා මහතා එහිදී සඳහන් කළේ, සිය සේවාදායකයා සැකකරුවෙකු ලෙස නම් කරමින් ගොනුකර ඇති පැමිණිල්ලට අදාළව සිතාසි නිකුත් කර ඇති ආකාරය, නීතියට පටහැනි බවයි.

නිසි සාක්ෂි ඇගයීමකින් තොරව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇතැයි ද, ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් අවධාරණය කළේ ය.

පෙත්සම, දෙසැම්බර් මස 17 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...