ප්‍රධාන අපරාධයකට සැක පිට අත්අඩංගුවේ සිටි සැකකරුවන් පිරිසක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව , ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාස රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(07) නියෝග කළ බව සඳහන් වේ.

ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල අනූව , ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සිව්දෙනාගෙන් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බව විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇති බව පැවසේ.

නමුත්, ඔවුන් සිද්ධියට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් මුදාහැරීමේ නියෝගයක් දෙන්නැයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඇන්ටන් සුදර්ශන ,හර්මන් ගීතන් මෝසස් ,අර්නස් රාජ් හා තෝමස් ගොඩ් කොන්ට් යන සැකකරුවන් එලෙස මුදාහැරීමට නියෝග කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...