සටහන – රුවන් නෙළුගොල්ල
ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කළුතර, කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, බදුල්ල, මහනුවර, මාතර, මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අද (07) පස්වරු 05.00 සිට හෙට (08) අලුයම 01.00 දක්වා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.





