AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW:

​"ඖෂධ ලබාදීම පමණක් නොව, වඩාත් නිරෝගී ජාතියක් ගොඩනැගීමට ආයුර්වේදයට සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි" - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ආයුර්වේද සහ පරිපූර්ණ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් වන ‘AYU PRASADHANI 2026’ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පිටකෝට්ටේ Solis හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, ඖෂධ ලබා දිය හැකි සීමාවෙන් ඔබ්බට යමින් මානසික යහපැවැත්ම සඳහා වන ලිහිල් වීම (Relaxation) සහ ආතති කළමනාකරණය වැනි සර්වාංගී ප්‍රවේශයන් හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ආයුර්වේදයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැකි බවයි.

නවීන විද්‍යාත්මක පර්යේෂණ හා රෝගීන්ගේ ආරක්ෂාව මත පදනම් වෙමින් දේශීය වෛද්‍ය වෘත්තිකයින්ට ජාතික සෞඛ්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

​”Sustainability and Innovation in Traditional Medicine for Holistic Approach” (සමස්ත ප්‍රවේශයක් සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ තිරසාරභාවය සහ නවෝත්පාදනය) යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.

ඒ යටතේ “12 වැනි ආයුර්වේද, යුනානි, සිද්ධ සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICAUST 2026)” සහ 1 වැනි ආයු ප්‍රසාදනී ජාත්‍යන්තර සමුළුව හා ප්‍රදර්ශණය නොවැම්බර් මස 06 සිට 09 දක්වා කොළඹ විශ්වවිද්‍යාලය දේශීය වෛද්‍ය පීඨයේ දී සහ මීගොඩ පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ දී පැවැත් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ​පරම්පරා ගණනාවක් තිස්සේ ජනතාවගේ යහපැවැත්මට දායක වූ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේද අපගේ ජාතික අනන්‍යතාවයේ වැදගත් කොටසක් බව සඳහන් කළ අතර, බෝ නොවන රෝග ඉහළ යාම සහ ජනගහනය වයස්ගත වීම හමුවේ සෞඛ්‍ය සේවාවන් ප්‍රතිනිර්මාණය කළ යුතු බව පැවසීය. ඒ වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි අදියර වශයෙන් ‘ආරෝග්‍ය සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථාන’ (Arogya Health and Wellness Centers) 1,000ක් පිහිටුවීමේ රජයේ සුවිශේෂී මුලපිරීම ක්‍රියාත්මක කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

​සමාරම්භක උත්සවයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී.පී. පුෂ්පකුමාර යන මහත්වරුන් ද අදහස් දැක්වූ අතර, මෙහිදී පර්යේෂණ පත්‍රිකා සංග්‍රහය එළිදැක්වීම, ජ්‍යෙෂ්ඨ විද්වතුන් උදෙසා “ආයු අභිමාන්” උපහාර තිළිණ සහ ඇගයීම් සම්මාන ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

එසේම, ඉන්දියාවේ Dr. MGR වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වී. හබීබුල්ලා සහ මහාචාර්ය එන්. කබිලාන් යන මහත්වරුන් විසින් ප්‍රධාන දේශන පවත්වන ලදී.

​කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. පී. මොල්ලිගොඩ, බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ටී. පී. හෙන්ඳවිතාරණ යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, දේශීය සහ පාරම්පරික වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...

අදත් අධික වැසි : කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ...

ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු  නිලධාරියකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු...