*
Sunday, December 8, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාව සෙල්ලමක් නෙමෙයි

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 08,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් රටේ සමාජීය ආර්ථික ක්‍රියාවලියට විශාල දායකත්වයක් දක්වනවා.ලාංකේය පොළවේ තියෙන වටිනාකම වැඩිම ක්‍රීඩාව ක්‍රිකට් වී තිබෙනවා.ඒ එයින් ඉපැයිය හැකිනම නිසාම නොවේ.එයින් ලැබෙන වටිනාකම් ද ඊට බලපානවා.


කණ්ඩායම් ක්‍රීඩාවක් නිසා ක්‍රිකට් සඳහා වෙනත් රටකින් පැමිණෙන්නේ සමූහයක් යන්න අප අමතක නොකළ යුතුයි.ඔවුන්ට ලබා දෙන සත්කාර සහ පහසුකම් පෙරළා ක්‍රිකට් මතම නොවී රටේ අනන්‍යතාවය ලෙස ප්‍රශංසාවට සහ ගෞරවයට පාත්‍ර වෙනවා.යම් යම් තේරීම්වලදී මෙවැනි අවස්ථාවන් හි අතපසුවීම් විය හැකියි. වැදගත් ඒවා වහාම නිවැරදි කර ගැනීමයි.


උදාහරණයකට නවාතැන් ගනු ලබන හෝටලයක් හරහා මේ සංචාරය කරන කණ්ඩායමකට,ඔවුන් සමඟ එන වෙනත් පිරිසකට අවශ්‍යය පහසුකම් දිගටම නොලැබෙන බව සිතන්න.එය වහා වෙනස් කළ යුතු වෙනවා.එක් අවස්ථාවක එවැන්නක් සිඳු වි තවත් අවස්ථාවක සිඳුවන්නට හැකිනම් එවැනි තැන් රටට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තියටද යම් අගතිගාමී තත්ත්වයක් නිර්මාණය කළ හැකියි.කොහොම නමුත් තමන්ගේ ව්‍යාපාරයක් වැනි දෙයකින් ලැබිය යුතු සේවය ඉහළින්ම පාරිභෝගිකයාට ලබා නොදෙන තැන් ලෝකයේ කිසිම තැනක කීර්තියට හෝ ප්‍රශංසාවට ලක් වන්නේ නැහැ.


ඉහත අතුරු සටහන සිඳුවිමකට සෘජුව සම්බන්ධ නොවුණත්,මේ වන විට විශාල වශයෙන් කොළඹින් බැහැර කාලගුණික බාධාවන්ගෙන් තොරව සාර්ථකව තරගාවලි පැවත්වෙමින් තිබෙන මොහොතක රටේ වටිනාකම් ඉහළ නැංවීමට මේ හරහා සැකසෙන ලාභ ඉපැයිය හැකි අවස්ථා ප්‍රයෝජනයට ගනිද්දී කල්පනාවට ගැනීම වැදගත් වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් එවැනි වගකීම් රටට පැමිණෙන විදේශ කණ්ඩායම් වෙනුවෙන් දරනු ලබන සුවිශේෂී අවස්ථාවක් හැටියට මේ ඡායාරූප පෙළ හැඳින්විය හැකියි.මින්නේරිය ජාතික වනෝද්‍යානය නැරඹිම සඳහා නවසීලන්ත ක්‍රීඩකයින්ට ලැබෙන අවස්ථාව ඔවුන් පිනවීමට පමණක් නොව රට පිනවීමට ද ඉඩක් ඇති වැඩක් බව මේ ඡායාරූප නරඹන විට නවසීලන්ත ක්‍රීඩකයන් සිය කැමරා කෙතරම් උද්යෝගයකින් භාවිතා කරනවාද කියන කාරණයෙන් පැහැදිළි වෙනවා.නවසීලන්තයට සීමා නොවුණු මේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සතුව ඇති ලෝක මට්ටමේ රසිකයන්ට මේ ඡායාරූප පෙළ ලංකාවට දෙසටත්,මින්නේරියටත් හැරෙන්න හේතුවක් වුවහොත්,ඒ කිසිවක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අනියමින් හෝ ආධාරයක් නොපැමිණිය ද,රටේ ආර්ථිකයට ශ්‍රී ලංකා ක්‍රිකට් සෘජු ලෙස සම්බන්ධවීමක් වෙනවා.


ඒ නිසා ක්‍රීඩාව කියන්නෙ සෙල්ලමක් ඉක්මවා ගිය විද්‍යාත්මක ක්‍රියාවලියක් යටතේ රටේ ආර්ථික සහ සාමාජීය ප්‍රවර්ධන උදෙසා සම්බන්ධ වන විෂයක් යන්න මේ ඡායාරූප පෙළ හරහාම හඳුනාගත හැකියි.තානාපති කණ්ඩායමක් ලෙස රටකින් රටකට පැමිණ එරට නියෝජනය කරන පුරවැසි කණ්ඩායමක් හැටියට මෙවැනි ක්‍රීඩා කණ්ඩායම් හඳුනාගෙන සාමාන්‍ය විදේශ සංචාරකයින්ට නොවන සැළකිල්ලක් දැක්වීමට,වැඩපිළිවෙලක් සැකසීම ඊට අදාළ රාජ්‍ය අංශය පැත්තෙන් සිඳු කරන්නට නිත්‍ය සහ නීතිමය සැළසුමක් සකස් කිරිම ද වැදගත් වෙනු ඇත.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan