ජවිපෙ බොරු කියල බලය ගත්තා.දැන් අපිට ජන්දේ කරන්නත් සල්ලි නැහැ!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ හැර සෙසු පක්ෂවල මුදල් තත්ත්වය හොද නැති නිසා මැතිවරණ ව්‍යාපාරයක් පවතින බව නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව වැඩි වශයෙන් සිදුවන්නේ ගෙයින් ගෙට යාම වැනි දේවල බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය කාලය තුළ කරන ලද චෝදනා ගැන කඩිනමින් පරීක්ෂණ පවත්වා රාජපක්ෂ නාමය ආරක්ෂා කර දෙන ලෙසද පොහොට්ටුවේ ලේකම්වරයා රජයට අවධාරණය කරයි.

”ජනාධිපතිවරණයෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ හැර සියලු පක්ෂවල මුදල් තත්ත්වය හොඳ නැහැ. ඒ නිසා ලොකුවට පේන්න මැතිවරණ ව්‍යාපාරය යන්නේ නැහැ. ගෙයින් ගෙට යාම වගේ දේවල් තමයි මේ පාර සිදුවෙන්නේ. මේ රටේ ජනතාවට බොරු කියල,ජනතාව රවටල,මේ රට බේරගත්ත නායකයා, මේ රටට මිනී පෙට්ටි පෙරහැරවල් එන එක නවත්වපු නායකයා මේ රටට නිදහස දීපු නායකයා, අපේ යුගයේ ජාතික වීරයා වුණු මහින්ද රාජපක්ෂ කියන නායකයා, මේ රට නිදහස් කරපු නායකයා ඒ විතරක් නෙවෙයි නිදහසින් පසු මේ රටට ආර්ථික සංවර්ධනයක් ගෙනාපු යටිතල පහසුකම් සංවර්ධනය කරපු නායකයට හොරා හොරා කියල බොරුවට කියපු වැඩෙන් මෙහෙම වුණේ. හරියට අනගාරික ධර්මපාලතුමාට වුණා වගේ. අපි කියන්නේ මේ රටේ ජීවමාන වීරයෙක් ඉන්නවා. ඒ වීරයාව පාච්චල් කරන්න එපා. එතුමාගේ නාමය නැති කරන්න එපා. එතුමා ගැන කියපු චෝදනා ගැන වහාම පරීක්ෂණ පවත්වන්න. ඔබලා කියනවා නම් උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියල, සීෂෙල්ස්වලට සල්ලි ගෙනිච්චා කියල,සිංගප්පුරුවට සල්ලි ගෙනිච්චා කියල ඔබලාට පුළුවන් තරම් ඉක්මණට මේ පරීක්ෂණ ආරම්භ කරලා එතුමාගේ නාමය නිවැරදි කරලා දෙන්න. ඒක තමයි රටට කරනන් පුළුවන් ලොකුම සේවය.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...