*
Friday, November 22, 2024
spot_img

Latest Posts

බංකොලොත් පක්ෂ නගන චෝදනාවලට අහුවෙන්න එපා – නලින්ද ජයතිස්ස

කොළඹ LNW:බංකොලොත් දේශපාලන පක්ෂ විටින් විට ආගම,ජාතිය පදනම් කරගෙන ජාතික ජන බලවේගයට එරෙහිව නගන චෝදනාවලට හසුනොවන ලෙස කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජනාධිපති ධූරය පවතින තාක්කල් කිසිවෙකු හෝ ජාතිය,ආගම පානම් කරගෙන කිසිදු පීඩාවකට, නොසලකිල්ලකට ලක්වීමට ඉඩ නොතබන බවයි ජයතිස්ස මහතා කියාසිටියේ.

”අපි 3%ට වැටුණා එක වෙලාවක. මන්ත්‍රී ධූර තුනකට අඩු වුණා. ඒ වෙලාවේ රටේ ජනප්‍රිය දේශපාලනය තිබ්බේ ජාතික සමඟිය පැත්තේ නෙවෙයි ජාතිවාදී පැත්තේ. හැබැයි මතක තියාගන්න ඔබට මතකයි ඉතාම දුෂ්කර අවස්ථාවේ පවා මේ රටේ ජාතික සමඟිය වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා නායකත්වය දුන්න ජාතික ජන බලවේගයේ කණ්ඩායම. දැන් ශාෆි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළානේ. ඔය දොස්තර ශාෆි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඒ නිවුස් එක පත්තරේ ගියපු දවසෙම ඇවිල්ලා කතා කළ පළමුවෙනියා වෙන කවුරුවත් නෙවෙයි වර්තමාන ජානාධිපති අනුර කුමාර දිසානායක. ඒ වෙලාවේ අපිට ලොකු දෝෂාරෝපණ ආවා.විවේචන ආවා. හැබැයි අපි නොසැලී හිටියා. ජාතික සමඟිය පලුදු කරන්න දෙන්න බැහැ. ඉතින් එහෙම කරපු අපි මේ බලය ලැබිල තියෙන වෙලාවේ වෙන වෙන විකාර කතා,ජාතික සමඟියට විරුද්ධ කතා කියයිද? නෑ. බංකොලොත් දේශපාලන පක්ෂ එක එක වෙලාවට ආගම පදනම් කරගෙන ජාතිය පදනම් කරගෙන අපට එරෙහිව හදන බොරු ප්‍රචාර වලට අහුවෙන්න එපා. මතක තියාගන්න මම එක පොරොන්දුවක් දීලා යන්නම් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජනාධිපති ධූරය පවතින තාක්කල් ඔබ කිසිවෙකුට ජාතිය හෝ ආගම පදනම් කරගෙන කිසිම අඩන්තේට්ටමක්,පීඩනයක්,නොසැලකිල්ලක් වෙන්න අපේ ආණ්ඩුවක් ඉඩ තියන්නේ නෑ. අපි සලකන්නේ මේ රටේ සිංහල,දෙමළ,මුස්ලිම් හැමකෙනාම මේ රටේ ඉපදුන ශ්‍රී ලාංකිකයෝ හැටියට. ශ්‍රී ලාංකිකයෝ හැටියට එකතුවෙලා රට අහන්න වුවමනාවක් තියෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කරන ලදී.

නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දක්වා සිටියේ පානදුර ආසනයේ පැවති මහජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan