පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අනිවාර්යය කරනවා. දැනට දෙතැනක තිබෙන ඒකක එක තැනකට ගේනවා – හරිනි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ආරම්භ කෙරෙන්නේ පූර්ව ළමාවිය අධ්‍යාපනය හරහා බැවින් පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අනිවාර්යය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ආරම්භ කරන්නේ පූර්ව ළමාවිය අධ්‍යාපනය හරහා. එතකොට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අනිවාර්යය වෙන විදියට තමයි අපි අධ්‍යාපන සැලැස්ම හදලා තියෙන්නෙ. දැනට ඔබ දන්නවා පූර්ව ළමාවිය අධ්‍යාපනයට රජයේ වගකීම දරණ ආයතනය හැටියට දැනට තැන් දෙකක ස්ථානගත වෙලා තියෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙත් තියෙනවා පූර්ව ළමාවිය අධ්‍යාපනය කියලා ඒකකයක්, අධ්‍යාපන අමාත්‍යාංශයෙත් තියෙනවා දැන් අලුතින් ආරම්භ කරලා පූර්ව ළමාවිය අධ්‍යාපන ඒකකයක්. අපි යෝජනා කරන්නෙ මේක තැන් දෙකක නෙවෙයි එක තැනකට එන්න ඕනෙ. ඒ එක තැන තමයි අධ්‍යාපන අමාත්‍යාංශය. අධ්‍යාපන අමාත්‍යාංශය තමයි පූර්ව ළමාවිය අධ්‍යාපනයට වගකිව යුත්තේ.”

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 07) කඩවතදී පැවති පෙරපාසල් ගුරු හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්