ධනුෂ්ක සිල්වර් වුඩ් ගෙන් සිල්වර් වෝටර් වෙත

මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර් වුජ් යටතේ මඟ පෙන්වීම ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට මේ වන විට නිව් සවුත්වේල්ස් හී පිහිටි සිල්වර් වෝටර් සිපිරි ගෙදර මාර්ගෝපදේශනයන් පිළපදින්නට වෙනවා.

ඔහුට එරට රැදී සිටීමට නීතිමය ආවරණයක් නැති බව ද ධනුෂ්කට ඇප නොදීමට එක හේතුවක් වූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආනන්ද අමරනාත් පෙන්වා දෙනවා.මේ වන විට සිඩ්නි අධිකරණය ජනවාරි 12 වන දා දක්වා නඩුව කල් දැමීමෙන් ධනුෂ්කව එම කාලය තුළ නිව්සවුත්වේල්ස් හි පිහිටි සිල්වර් වෝටර් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කළත් ධනුෂ්කගේ නීතිඥයන් පෙන්වා දෙන්නේ උපරිමාධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇප ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හී සිටි නීති ප්‍රධානියෙක් වූ ආචාර්ය චානක සේනානායක මෙම නඩු නිමිත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙහි නිදහස් විමට හැකි කරුණු ඇති බව තමා විශ්වාස කරන බවයි.නමුත් මේ නඩු කටයුත්ත හමාර වීමට අවම වශයෙන් මාස නවයක් හෝ වසරක් වැනි කාලයක් යා හැකි බවත් ඔහු පවසා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කර තිබෙන අතර ක්‍රීඩා අමාත්‍යංශය ද ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තබා වාර්තා කරන ලෙස දන්වා ඇති අතර මේ වන විට ක්‍රිකට් ආයතනයද පරීක්ෂණයකට සූදානම් වෙමින් සිටිනවා.

මේ සමඟ දැක්වෙන්නේ ඔහු රඳවා තැබීමට නියම කරන ලද බන්ධනාගාරයේ ඇතුළත දර්ශණයකුයි.සිරකුරුවන් යනු වරදකරුවන් සේ සළකා කිසිඳු පහසුකමක් රහිතව රඳවා තිබිය යුතු බව සිතන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට දඩුවම් කිරිම යනු මිනිසෙකුගේ මූලික අයිතිවාසිකම් නොසළකා හැර අමනුස්සයන් සේ හැසිරීම නොවන බව මේ පිංතූරයෙන් යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...