ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාව ඉවත් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්ගෙන් සම්‍යප්‍රයෝගක්! – රවී කුමුදේශ්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාව සේවා අවශ්‍යතාවය මත නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට කැදවීමට සෞඛ්‍ය ලේකම්වරයා තීරණය කර ඇති බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

ඒ අනූව, එම තීරණයට අනුගත වීමට හෝ අභියාචනය කරමින් කල් ගැනිමට ප්‍රධාන විධායක නිළධාරියාට හැකියාවක් ඇති බවත්, ප්‍රධාන විධායක නිළධාරීයා විසින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ 23දෙනෙකු ඉවත් කිරීම සඳහාද භාවිත කරන ලද්දේ මෙම ක්‍රමවේදයම වන බව,පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටී.

රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසූවේ , එම ප්‍රධාන විධායක නිළධාරීයා විසින් ඖෂධ නියාමන අධිකාරියේ ඔහුට අවනත නොවන වෘත්තිකයින් ඉවත් කිරීම සදහා හදුන්වා දුන් ක්‍රමවේදයම, ඔහුව තනතුරින් පහ කිරිමටද සෞඛ්‍ය ලේකම්වරයා විසින් භාවිත කොට ඇති බවයි.

කෙසේ නමුත් මෙය සාමාන්‍ය ආයතනික ක්‍රමවේදයක් වන අතර, කිසිදු ලෙසකින් දඬුවම් ලබා දීමක් නොවන බවත්, මේ පිළිබඳව ප්‍රධාන විධායක නිළධාරි විජිත් ගුණසේකර මහතාගේ ප්‍රතිචාර තවම ලබා දී නොමැති බවද කුමුදේශ් මහතා තවදුරටත් පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...