පොලිස්පති පත් කරලද? නැද්ද? විපක්ෂ නායකගෙන් පිළිතුරු!(VIDEO)

Date:

කොළඹ LNW:නව පොලිස්පති පත්කිරීම සම්බන්ධයෙන් තවදුරටත් රජය තුළ අවසන් තීන්දුවක් නොමැති තත්ත්වයක ඒ සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු දැක්වීය.

පොලිස්පතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා 3 වැනි වතාවටත් ඉන් පසුවත් එවන ලද නාම යෝජනා කිසිවක් ව්‍යවස්ථාදායක සභාව විසින් ස්ථිර කර පත් කිරිමක් සිදු නොකළ බවත් මෙය ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සාමාජිකයන් ද දන්නා කරුණක් බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 2ක දී මාස 3න බැගින් පත් කිරිම් සිදු කළත් දෙවැනි පත් කිරිම සිදු කරන විට ඊළඟ පත්කිරිම ස්ථිර පත්කිරීමක් විය යුතු බවට වන ලිපියක් ජනාධිපතිවරයාට යොමු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනාධිපතිවරයාට පොලිස්පති නම් කිරිමට බලය ඇති බවත් ව්‍යවස්ථාදායක සභාවට එය අනුමත කිරිම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලයක් ඇති බවත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අර්ථකථනය කිරිමේ ගැටලුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...