ආණ්ඩු බලය ලබාගැනීමේ සිහිනය වෙනුවෙන් තමන් ජීවිත පවා කැපකළ බවත් දුක් විඳින අවසන් නගරාධිපතිවරුන්, ඇමතිවරුන්, මන්ත්රීවරුන් බවට වත්මන් ආණ්ඩුවේ පළාත් පාලන ආයතන ප්රධානීන් සහ මැති ඇමතිවරුන් පත්විය යුතු බවත් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.
“මේ බලය ගන්න අපිට සිහිනයක් තිබ්බා. ඒ සිහිනය වෙනුවෙන් අපි ජීවිත පවා කැපකළා. තාමත් මම විශ්වාස කරනවා අපි දුක් විඳින අවසන් නගරාධිපතිවරු විය යුතුයි. දුක් විඳින අවසන් ඇමතිවරු මන්ත්රීවරු විය යුතුයි. මොකද අපි දුක් විඳින්න ඕනෙ නෑ. සමහර අයගේ තියෙනවා මතයක් අපි බලයට ආවාට පස්සේ නගරසභාවට පෞද්ගලික ආයතනවලින් දෙසැම්බර් මාසයට එන තෑගි පාර්සල් දැන් එන්නෙ නෑ. දැන් ඉන්නෙ කනබොන අය නෙවෙයි ලු. රාජ්ය ආයතනවලත් ඒ ගැටලුව තියෙනවා. ඒවාත් ලිහා ගනිමින් අපි මේ ගමන යන්න ඕනෙ. ඒ නිසා දෙසැම්බර් මාසෙ රාජ්ය ආයතනවල, නගරසභාවේ සේවකයින්ට දෙනවා නම් තමන්ගෙ නිෂ්පාදනයෙන් කොටසක්, ඒක දෙන්න. අපිත් හොඳට කනබොන මිනිස්සු”
රන්ජන් ජයලාල් මහතා මේ බව පැවසුවේ අරංගල මාලබේ ප්රධාන ඇළේ ඉවුරු ගේබියන් වෝල් දමා ස්ථාවර කිරීමේ වැඩ ඇරඹීම වෙනුවෙන් ඊයේ (08) පැවති උත්සවයක් අමතමිනි.


