පොඩි ලෝකයක minimalism 

Date:

“අප පමණද එක තැන කැරකෙන්නේ – අප තනිකර ලෝකය දිව යන්නේ” කියලා සිංහල සෝන්ග් එකක් තියෙනවා. බිස්කු බිස්කු ලාහිලා කිය කිය අපිත් ඩාන්ස් කරනවා.  ලෝකය වේගයෙන් රන් වෙනවා . ඒ දිවිල්ල කොච්චර ද කියනවානං මේ වෙද්දි මිනිස්සු පොඩි ලෝකෙකට හුරුවෙලා.  ඒ කිව්වෙ, මැක්සිමලිසම් ජීවිතයකට වඩා මිනිමලිසම් අද්දැකීම් ලබන්න හුරු වෙනවා වැඩියි කියන එකයි. ඒත් ඉන්ටර් පර්සනල් කනෙක්ෂන් එක මිනිමල් වෙලා නෑ. ඒවා වර්ල්ඩ්වයිඩ් විහිදිලා තියෙනවා.

මිනිමලිසම්, ඉංග්‍රීසියෙන් කිව්වොත් අවමවාදය කියන්නෙ වැඩි වැඩියෙන් මිනිස්සු අගයන කොන්සෙප්ට් එකක් වෙලා. පෞද්ගලිකව baltimora ගෙ අදහස තමයි, ගෝලීයකරණයත් එක්ක ලෝකෙ එහා මෙහා අතපත ගාන එක මිනිස්සුන්ට ළං උනා. දිගට දිගෑරිලා තිබ්බ පෘථිවි සම්බන්ධතා සංකෝචනය උනා. ඉතිං එකපාර හුඟක් දේවල් මිනිස්සුන්ගෙ මයින්ඩ්සෙට් එක ආක්‍රමණය කළා.  පීපල්, ෆැශන්, හවුස් හෝල්ඩින්ග්ස් වගේ තින්ග්ස් ඇන්ඩ් ගුඩ්ස් කඳු පිටින් මිනිස්සුන්ගෙ ඇහේ වදින්න ගත්තා. ඕක එක්තරා විදියක කරදරයක් උනා. ඒ නිසාම අවශ්‍යම දේවල් විතරක් රැස් කරගෙන ඇහැට ප්‍රිය එන්වර්මන්ට් එකක ජීවත් වෙන්න මිනිස්සුන්ට ඕන උනා.  Baltimoraට අනුව අවමවාදය කොන්සෙප්ට් එකක් විදියට ස්පාක් වෙන්න ලොකුම හේතුව ඕක වෙන්න පුළුවන්.

මේක ගැන එඩී වෙන්ඩර් කියන ගායකයා ලස්සනට කියනවා. සින්දුවේ නම ‘සොසයිටි’.  ” when youhave more than you think , you need more space – Society you’re  crazy breed…”. පෙර සමාජය අලුත් යුගය තේරුම් ගන්නෙ ඒ විදියට. ඒ අනුව තමා මිනිමලිසම් , කොන්සෙප්ට් එකක් විදියට බිහි වෙන්නෙ. මේක දැන් දැන් ආට් ෆීල්ඩ් එකට ඉතා තදින් ඇතුළු වෙලා තියෙනවා. මිනිමලිසම් ඉන්ටීරියල්ස්, හවුස් හෝල්ඩින්ග්ස්, ෆොටෝග්‍රැෆි, ආර්ට් වගේ ගොඩක් පැති මිනිමලිසම් යූස් කරනවා. 

ඒ ගැන කතා කරන්න baltimoraට ඕන උනේ ආර්ටිස්ට් කෙනෙක්ගෙ නිර්මාණ කිහිපයක් දැක්කට පස්සෙයි. ඒවා දැක්කම මනසෙ තිබ්බ ඝෝෂාකාරී ගතිය නැති වෙනවා. ඇස්වලට පුදුම සොෆ්ට්නස් ගතියක් දැනෙනවා. හැනා ලී ටිඩ්. අයිතිකාරි එයා. කොච්චර මිනිමල්ද කිව්වොත් ඒ ආර්ට්වල තියෙන්නෙ ‘තනි ඉරක්’. ඇත්තටම හැනා කියන්නෙ ඉලස්ට්‍රේටර් කෙනෙක්. එයා ජීවත් වෙන්නෙ යූකේවල. එක පැත්තකින් මීඩියා පර්සනෑලිටි එකක්. බිස්නස් වුමන් කෙනෙක්.  ඒ ඔක්කොටම වඩා අපිට මෙතනදි වැදගත් වෙන්නෙ හැනා මිනිමලිස්ටික් ආර්ටිස්ට් කෙනෙක් වීම.  හැනාගෙ නිර්මාණ  ටික්ටොක් එකටත් ඇවිත් තියෙනවා . ඇබ්සර්ට් ගතියයි රියැලිටි එකයි අතර මැද තත්වයක් තමයි හැනා අනුගමනය කරන්නෙ. ඇගේ තියරිය මිනිමලිසම්. මේක ක්‍රිටික් කලොත් , ඇත්තටම මිනිමලිසම් කියන්නෙත් යතාර්ථයට සම්පූර්ණයෙන්ම බද්ධ වෙලා නැති දෙයක්. ඒ නිසා හැනාගෙ භාවිතාව මරු.  

හැනාගෙ ෆෑන් කෙනෙක් එයාට කොමෙන්ට් කරනවා මෙහෙම. “ඔයාට පුළුවන් නම් ඒල්ටන් ජෝන්ස්ව අඳින්නකො?”… හැනා ඒක කරනවා. තමන්ගෙ කොන්සෙප්ට් එක ඇතුළෙ ඉඳගෙන ඒ වගේ දෙයක් අඳින එක ඇත්තටම චැලේන්ජ් එකක්. 

මිනිමලිසම් ඇතුළෙ වැඩ කරන ගොඩක් අය ලෝකෙ ඉන්නවා. ඒක හැමෝටම සෙට් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. තවමත් මැක්සිමලිසම් ලෝකයෙන් නැති වෙලා ගිහින් නැත්තෙ ඒ නිසානෙ. කොහොමත් ඒක එහෙම වෙයි කියල හිතන්නත් තවම බැහැ. කොන්සෙප්ට් පැවතුනත් නැතත් මේ වගේ වැඩ බලන්න ලස්සනයි. හොයන්නත් ලස්සනයි. 

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!

කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...

Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...