*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ගෝල්ෆේස් පිටිය අදත් උණුසුම් – පොලීසිය හා අරගලකරුවන් ගැටෙයි (VIDEO)

ගෝල්ෆේස් පිටියේදී අදත් (09) අරගලකරුවන් හා පොලීසිය අතර ගැටුමක් සිදුවිය.

ගෝල්ෆේස් අරගලකරුවන් විසින් අරගලය අතරතුර මියගිය අය සමරමින් සමරුමක් හා නිහඬ විරෝධයක් ගොල්ෆෙස් පිටියේ සංවිධාන කර තිබුණි.

අරගලකරුවන් ටාජ් සමුද්‍ර හෝටලය ඉදිරිපිට ගෝල්ෆේස් පිටිය අසල මියගිය අය වෙනුවෙන් ආගමික වතාවත් කරමින් සිටියදී පොලීසිය විසින් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ප්‍රකාශ කරමින් අරගලකරුවන්ව තල්ලු කිරීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

අරගලකරුවන් මුලින් රැඳී සිටියේ වන්ගෝල්ෆේස් ඉදිරිපිට වන අතර පසුව පොලීසිය විසින් ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත්ව පිට්ටනිය කෙළවරට යන ලෙස දැනුම්දෙන ලදී.

පසුව අරගලකරුවන් පිට්ටනිය කෙලවරේ ඇති පීටිකාව අසලට පැමිණ මිය ගිය අය සමරමින් ඉටිපන්දම් දැල්වූ අතර සංගීත වැඩසටහනකුත් පැවැත්විය.

තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරින් ද පැමිණ සිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan