ජනතාවගේ සීනි පාලනය අඩුවෙලා, දියවැඩියාව වැඩිවෙලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයිනේ මේ වනවිට දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය පවසන අතර, මෙරට ජනගහනයෙන් සියයට 14.6ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවය.

ඇය වැඩිදුරටත් පැවසූවේ,

“ලෝක ජනගහනයෙන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් දියවැඩියාව රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කතා කළොත්, දියවැඩියා රෝගය ගැන අපි සෑම වසර 5කටම සැරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකූලව කරන සමීක්ෂණයක් තියෙනවා. ඒකේ ඇත්තටම අවුරුදු 18 – 69ත් අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය වෙන පරිදි සාම්පල් එකකින් තමා අපි මේක කරන්නේ. ඒකේ ප්‍රතිඵල අනුව 14.6%ක ප්‍රමාණයට දියවැඩියාව තියෙනවා. රෝගීන්ගේ වැඩිවීමක් අපි දැනට පෙන්නුම් කරනවා. අපි 2015 කරපු එකේ දී 7.4%යි හිටියේ. නමුත් දැන් 14.6%ක් දක්වා වැඩිවෙලා. ආතතිය හා සෞඛ්‍යමත් නොවන ආහාර රටා සමග වැඩිවීමක් පෙන්නුම් කරනවා.”

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය මෙම අදහස් පළ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...