රටම රත් කළ ක්‍රිකට්:පාර්ලිමේන්තු විවාදය යද්දී ක්‍රිකට් ආයතනයට යන පාරත් වැසෙයි!

Date:

කොළඹ LNW:ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (09) විවාදයට ගෙන ඡන්දයකින් සම්මත කර ගැනීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු අතර ඒ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත්විය යුතු බවත් දූෂණයෙන් තොර ක්‍රිකට් පාලනය විනිවිඳභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු බවත් එම යෝජනාව මඟින් සම්මත කරගැනීමට යෝජිතය.

යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඒ අවට පරිශ්‍රය අදත් පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරතවෙමින් සිටින බව සඳහන්.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා ඇතුලු සෙසු සාමාජිකයින්ට සිය තනතුරුවලින් ඉවත් වන ලෙස බලකරමිනි.

එම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දැමීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවද තරකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...