*
Thursday, November 21, 2024
spot_img

Latest Posts

ජනපති අනුරගේ වැඩපිළිවෙළ නිසා ජනතාව අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ නිසා ජනතාව අසරණ වී ඇති බවත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාවට සහන දෙනවා කිව්වත් ජනාධිපතිවරයා ලෙස පත්වු පසු දීපු සහනයක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදී ය.

සාමාන්‍ය ජනතාව භාවිත කරන සහල් ටිකවත් හරියට දී ගන්නට බැරි බවත් මෑත කාලයේ පොල් පෝලිමක් පවා ඇතිව තිබෙන බවත් තෙල් මිල පවා අඩු කරනවා යැයි පැවසුවත් තෙල්මිලේ බරපතල අසාධාරණයක් ඇති බවත් කොමිස් හොරකම වංචාව අල්ලස නිසා පාරිභෝගික ජනතාවට අසාධාරණයක් වන බව පැවසුවත් පසුගිය දිනක තෙල් සංස්ථාවේ සභාපති කියන්නේ වෙන දෙයක් බවත් තෙල් මිල අඩු කර රටේ අනික් ජනතාව බඩගින්නෙ තියන්න බැ කියන බවත් ජනාධිපතිවරයා පත්කළ සභාපතිම ජනාධිපති කිව් දේ බොරුවක් බවට පවසන බවත් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

ජනපතිගෙයි සභාපතිවරුන්ගෙයි කතා එකිනෙකට පරස්පරයි

ඒ අනුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ මතය වෙනස් බවත් ජනතා විමුක්ති පෙරමුණේ අය කියන කොමිස් ගැහිල්ලක් ගැන නොදන්නා බවත් තෙල් මිල අඩු කර රටවට්ටන්න බැහැ යැයි කියන බවත් මැතිවරණ වේදිකාවේ එක කතාවක් සහ ජනාධිපතිවරයා පත් කළ සභාපතිවරයා කියන කතාවත් අතර පරස්පරතා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය රජය ගහපු කොමිස් වත්මන් රජයත් ගහනවද?

විදුලි බිලටත් කිවිවෙි එවැනි දෙයක් බවත් අධික විදුලි බිලට හේතුව කොමිස් කිව්වත් තවමත් විදුලි බිල අඩු කරන්න නොහැකි වී ඇති බවත් අඩු කරනවා යැයි කියු විදුලි බිල අඩු නොකරන හේතුව දැන ගන්නට කැමති බවත් පසුගිය රජය ගහපු කොමිස් වත්මන් රජයත් ගහනවද කියා සැකයක් ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

බදු අඩු කරනවා කියු ජනාධිපතිවරයා අද IMF එක ළඟ දණ ගසා ඇති බවත් බදු එකක්වත් අඩු කර නොමැති බවත් ජනාධිපතිවරයා IMF එකේ රූකඩයක් වී ඇති බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට IMF එක ඉදිරියේ කොන්දක් නැති වුනාට සමගි ජන බලවේගය IMF එක සමග එකගත ඇති කර ගත්තේ විපක්ෂයේ සිට බවයි.

විෂය නිර්දේශ හරියට ආවරණය නොවී උසස් පෙළ පවත්වනවා

වත්මන් ජනාධිපතිවරයාට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ට සාධාරණත්වය ඉටු කරන්න නොහැකි වි ඇති බවත් උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය නොවි විභාගයට මුහුණ දෙන තැනට රට පත්ව අසාර්ථක රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් මෙවැනි තත්ත්වයක් තුළ රට මුදා ගත නොගත්තොත් රට බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan