ඉන්ධන අපනයනය ගැන රුසියාව තීරණයක් ගනී !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුසියාව විසින් එරට අභ්‍යන්තරයේ ඉන්ධන මිල නොසිතූ ලෙස ඉහළ යෑමත්, තොග හිඟවීමත් හේතුවෙන්, රුසියාව සැප්තැම්බර් 21 වනදා සිට ඉන්ධන අපනයනය තහනම් කළේය. නමුත් මේ වනවිට ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඔවුන් විසින්, නල හරහා ඉන්ධන වෙනත් රටවලට යැවීමට පනවා තිබූ තහනම ඔක්තෝබර් 6 වනදා ඉවත් කළේය.

ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ, රුසියාව බොරතෙල් හා ගෑස් අපනයනය නැවැත්වීමට තීරණය කළහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 160 ත් 200 ත් අතර මුදලකට ඉහළ යනු ඇති බවයි.

එය නැවත යථා තත්ත්වයට පත්කිරිමට වසර 05 ක් පමණ ගත වනු ඇති බවයි ඔහුන් ගේ මතය වී තිබුණේ . එබැවින් අර්බුදය රුසියාවට පමණක් නොව ගෝලියවද බලපානු ඇත. බොහෝ රටවල් රුසියාවට සම්බාධක පැනවුවත් බලශක්ති සම්බන්ධව සම්බාධක පැනවීමේදී බියක් දක්වයි.

යුරෝපා බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් ද ගෑස් වලින් සියයට 25 ක්ද. සපුරන්නේ රුසියාවයි .

එම නිෂ්පාදන නැවතුනහොත් තෙල් නිෂ්පාදනය කරන ඔපෙක් සංවිධානය බලශක්ති ඉල්ලුම සැපරීමට යාමේදි අතිශය තරගකාරිත්වයක් ඇතිවිම නිසා අර්බුදයක් පැන නැගේ.

මේ නිසා බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සිදුවනු ඇත. එය කුඩා ආර්ථිකයක් ඇති රටවලට හා ණයබරින් මිරිකුණු ශ්‍රී ලංකාව වැනි රටවලට දරාගත නොහැකි වනු බව නම් කිවයුතුමය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...