සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ක්‍රියාත්මක වෙමින් තිබියදී සිය අවසාන තරගය වූ නවසීලන්තය සමඟ තරගය පරාජය වී මේ වන විට ශ්‍රී ලංකාවටත් පැමිණ අවසන්ය.නවසිලන්තයට පරාජය වූයේ කඩුලු 5 කින් ය.ශ්‍රී ලංකාව රැස් කළ මුළ ලකුණු 171 පන්දු ඕවර් 23.2 දී ඉක්මවා යමින් ලකුණු 172 ක් රැස් කර ගන්නට සමත් විය.
නවසීලන්තය එතරම් කඩිනමින් මේ ඉලක්කයට ළඟා වීම සඳහා උත්සාහ කළේ තරගයේ ලකුණු වේගයද ජයග්‍රහණය කරන පිළිවෙලද ජයගත්තා ය කියන වචනය තරමටම ඔවුන්ට මේ ජයග්‍රහණයේදී වටින දෙයක් වන බැවින්ය. ඒ ඒ වන විට පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ද ඔවුන් හා සම මට්ටමේ සිටිය බැවින්ය. ඒ අනුව වේගවත් වූ නවසීලන්තය ලකුණු වේගයෙන් පකිස්තානයට සහ ඇෆග්නිස්තානයට වඩා හොඳ මට්ටමකට පැමිණ තරගය නිම කළේ පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඉදිරි තරග ජයගත්තත් නවසිලන්තයේ ලකුණු වේගට ඉක්මවා යා යුතු තැනට පත් කරමින් එම කණ්ඩායම් දෙකට අත්රේක පීඩනයක් එකතු කරමින්ය.
ශ්‍රී ලංකාවට ද තරගයේ පරාජයෙන් පසුව තමන්ගේ ජයග්‍රහණ මට්ටමේම සිටින එංගලන්තය සහ බංගලාදේශය පිළිවෙලින් තමන්ට තිබෙන තරග වන පකිස්තානය සහ ඕස්ටේලියාව සමඟ වන තරගවලට මුහුණ දෙන ආකාරය බලා සිටින්නට සිඳු වී ඇත.ඒ එංගලන්තය හෝ බංගලාදේශය එම තරගවලින් පරාජය වුවහොත් පරාජය වන්නේ කුමනාකාරයෙන්ද කියන කාරණය මත ශ්‍රී ලංකාවට ලකුණු වේගය අනුව එම කණ්ඩායමක් අභිබවා යා හැකි ඉඩක් කියෙන බැවින්ය.එසේ හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකාවට චැම්පියන්ස් කුසලාන තරගාවලියට මෙම තරගාවලියේ ඉදිරි කණ්ඩායම් අටෙන් එකක් ලෙස සහභාගිවීමට අවස්ථාව හිමිවන්නේ ය.
.මේ තත්ත්වය මත ජයගත් නවසීලන්තය සිටියේ පීඩනයකය.ශ්‍රී ලංකාව මේ තරගාවලිය පුරා දුර්වලවීම නිසා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හරින තත්ත්වයට සිය දස්කම් බලපෑ තිබීමේ තත්ත්වය නිසා පීඩාවෙන් සිටි බව දඅමතක නොකළ යුතුය.තරගයේ කාසියේ වාසිය ලබා ගනිදදී මේ රටේ මහජන නියෝජිත මන්ත්‍රණ සභාව නියෝජිතයෝ පක්ෂ විපක්ෂ සියල්ල එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලනය භාර ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හරින්නට එකඟ වෙමින් උන්හ.ඒ නිසා පාලක නිලධාරීන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ ද තත්ත්වය කුමන අතට පෙරළේද යන්න සම්බන්ධයෙන් වූ අවිනිශ්චිත තාවයේ ක්‍රීඩකයෝ ද ගැලී උන්හ.
ඊයෙ තරගයේදී ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන පීඩනයටත්,තමන්ට ලකුණු නැතිවීම නිසා තරග කිහිපයක් අහිමි වීමේත් පීඩනයේ ගැලී සිටි කුසල් පෙරේරා පීඩනයෙන් එළියට ඒම සඳහා මුදා හල ප්‍රවේගය නිමා වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම එක්දින අර්ධ ශතකය ඔහු නමට ලියැවෙමින්ය.එසේම ඔස්ට්‍රේලියාවේ ට්‍රෙවිස් හෙඩ් නවසීලන්තයට එරෙහිවද,ශ්‍රී ලංකාවේ කුසල් මෙණ්ඩිස් දකුණු අප්‍රිකාවට එරෙහිව ද පන්දු 25 න් අර්ධ ශතකයට පිවිසීම මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතක ලෙස සටහන් වි තිබිණ.ලෝක කුසලාන ඉතිහාසය ගත් විට වේගවත්ම අර්ධ ශතකය හිමි බ්‍රෙන්ඩන් මැකලම් ටය.ඔහු පන්දු 18 න් එංගලන්තයට එරෙහිව එම දස්කම දක්වා ඇත්තේ 2015 දී එංගලන්තයට එරෙහිවය.දෙවන තැන පන්දු 20 ක් තුළ කැනඩාවට එරෙහිව 2007 දී අර්ධ ශතකයක් ලැබ ඔහුටම හිමියව අතර 2015 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එම පන්දු ගණනටම ස්කොට්ලන්තයට එරෙහිව අර්ධ ශතකයක් රැස් කළ ඇන්ජලෝ මැකිවිස්ට හිමි වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට පැමිණ සිටියද ඔවුන්ට මේ ලෝක කුසලානය සමඟ ඇති ඓන්ද්‍රීය සම්බන්ධය ඉවර වී නොමැත.ඔවුන් බංගලිදේශය සහ එංගලන්තය සිය තරග නිමා කරන ආකාරය දෙස අවධානයෙන් සිටිය යුතුය.යම් හෙයකින් මේ කන්ඩායම් දෙකෙන් එකක් පරාජය වී පරාජයේ ස්වභාවය මත ශ්‍රී ලංකාවට වඩා අඩු ලකුණු වේගයක් ඇති තැනට පත් වුවහොත් ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරග සඳහා මේ තරගාවලියේ ප්‍රතිපල මතම සුදුසුවන්නේය.එසේම මේ කණ්ඩායම් තුනටම අභියෝගයක් දිය හැකි තැනක නෙදර්ලන්ත කණ්ඩායම ද සිටියි.ඔවුන් නෙදර්ලන්තයට එරෙහි තරගයේදී විශ්මිත පෙළහරක් පාමින් දැවන්ත ජයක් වාර්තා කළහොත් ඔවුන්ට මේ කන්ඩායම් තුනම අභිබවා යා හැකි මට්ටමක් උදා විය හැකිය.
කෙසේ හෝ මේ තරගාවලියේ අවසාන පූර්ව තරග සඳහා ස්ථීර වශයෙන්ම සුදුසුකම් ලබා සිටින ඉන්දියාව,දකුණු අප්‍රිකාව සහ ඔස්ටේලියාව හැරුණු විට සෙසු කණ්ඩායම් අනිත් කණ්ඩායම් ක්‍රීඩා කරන තරග දෙස බලා තමන්ගේ තැන තීරණය කළ යුතු මට්ටමකට පත් වී ඇත.සරලව කිවහොත් තමන්ගේ හැකියාව ගැන නොසැහී අනුන්ගේ පහනෙන් ලැබෙන ආලෝකය දෙස බලා සිටින්නට කණ්ඩායම්වලට සිඳු වී ඇත.
පහතින් දැක්වෙන්නේ නසීලන්ත සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ලකුණු සටහනට පිවිසෙන මඟ වන අතර ප්‍රධාන ඡායාරූපය මේ තරගාවලියේ වේගවත්ම අර්ධ ශත්කය වාර්තා කළ කුසල් පෙරේරාගේය.කණ්ඩායම්වල ලකුණු සටහනද මේ සමඟ ඇත.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/new-zealand-vs-sri-lanka-41st-match-1384432/full-scorecard

