අයිසීසී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ එකඟතාවය මත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව පනවන ලද තහනම ක්‍රියාත්මක කිරීමේ එකගතාවයකට පිවිසුන ද,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට ක්‍රියාකර ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ,සාමාජික ‍රී ලංකා ක්‍රිකට් තහනමට බලපාන ලද විගනන වාර්තාව යොමු කළ ද,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට බලපෑම් නොකරන ලෙස මීට පෙරද දේශපාලන බලධාරීන් දැනුවත් කර කර තිබීම පදනම් කරගෙන මෙම තහනම සිදුකර ඇතිද යන්න තාමත් නිශ්චිත වශයෙන් දැන ගන්නට නැත.

ශ්‍රී ලංකාවේ විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද,ප්‍රතික්ෂේප කරමින්,මීට වසර දෙකකට පමණ ඉහත ලක්ෂ ගණනින් වීදි බසින ලද ජනතාවක් සිටින රටක,ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ ගැටළුවේදී,ඒ බොහෝ පිරිසක් පාර්ලිමේන්තුව විශ්වාස කරන බවක් දකින්නට ලැබීම ජන මතය සම්බන්ධයෙන් ද,යම් ගැටලුකාරී තත්ත්වයක් නිරූපණය කරයි.

දැනට දැනගන්නට ඇති කරුණු අනුව,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කර ඇති බව දන්වා ඇතත්,ඊට පදනම් වූ හේතු දක්වා නැත.

අප වෙබ් අඩවිය මෙම ගැටලුව පැන නැගෙන පළමු මොහොතේ සිටම,ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සලයේ එකගතාවයක් ඇතිවන පරිදි නොගතහොත් ජාත්‍යන්තර වශයෙන් තහනම් විය හැකි බව දැක්වීය. පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ නියෝජිතයන් දේශපාලන බලය සම්බන්ධයෙන් තැබූ අධික විශ්වාසය නිසා මෙම තහනම වළක්වා ගැනීමට තිබුණු ඉඩ ඇහිරුණු බව අපගේ විශ්වාසයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...