රනිල්,සජිත් යාපනයට එන්නේ ජන්ද දිනනවා නම් විතරයි. අපිට එහෙම වුවමනාවක් නැහැ – ජනාධිපති

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය යාපනයට එන්නේ ජන්ද දිනීමේ අරමුණින් නොව රට ගොඩනැගීමේ අරමුණට යාපනය ජනතාව එකතු කර ගැනීමේ වුවමනාවෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) යාපනයේදී පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළිය අමතමිනි.

” මා දන්නවා සැප්තැම්බර් මාසේ 21 වැනිදා ජනාධිපතිවරණය අපේ රටේ තීරණාත්මක ජන්දයක් බවට පත්වුණා. ඒ ජනාධිපති ජන්දෙදි හිටපු ජනාධිපතිතුමා මම හිතන්නේ වැඩියෙන්ම හිටියේ යාපනයේ. මේ ජන්දෙට ආවද? එන්නේ නෑ. ඇයි මේක එයාගේ ජන්දේ නෙවෙයි. ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒ විදිහට. පහුගිය ජනාධිපති ජන්දෙදි විපක්ෂ නායකතුමා මේ උතුරට අවස්ථා ගණනාවකදීම ආවා. මේ ජන්දෙට එනවද? නෑ. ඇයි? මේක එයාගේ ජන්දේ නෙවෙයි. ඒ නිසා ඒ හැසිරීම් විතරක් ප්‍රමාණවත් ඒගොල්ලෝ කුමක් වෙනුවෙන්ද යාපනයට ආවේ කියන එක තේරුම් ගන්න. තමන් දිනනවා නම් යාපනය මතක් වෙනවා. දිනන්නේ නැත්නම් පරදිනකොට යාපනය දාලා යනවා. අපට තිබෙන්නේ අපේ මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් යාපනය ජනතාව එකතු කර ගැනීමේ වුවමනාවක් නෙවෙයි. ජන්දේ දිනන්න යාපනය දෙමළ ජනතාවගේ වුවමනාවක් නෙවෙයි තියෙන්නේ. යාපනයේ ඔබ අපට අවශ්‍ය වෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ රට ගොඩනගන්න ඔබ අවශ්‍යයි. අපේ රටේ සමඟිය හදන්න ඔබ අවශ්‍යයි. යුද්ධ නැති, ගැටුම් නැති, අවිශ්වාසයක් නැති අනාගතයක් මේ දරුවන්ට හදන්න ඔබ අවශ්‍යයි. අන්න ඒ අවශ්‍යතාව වෙනුවෙන් තමයි අපි ඔබ හමුවට ආවේ.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...