රනිල්,සජිත් යාපනයට එන්නේ ජන්ද දිනනවා නම් විතරයි. අපිට එහෙම වුවමනාවක් නැහැ – ජනාධිපති

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය යාපනයට එන්නේ ජන්ද දිනීමේ අරමුණින් නොව රට ගොඩනැගීමේ අරමුණට යාපනය ජනතාව එකතු කර ගැනීමේ වුවමනාවෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) යාපනයේදී පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළිය අමතමිනි.

” මා දන්නවා සැප්තැම්බර් මාසේ 21 වැනිදා ජනාධිපතිවරණය අපේ රටේ තීරණාත්මක ජන්දයක් බවට පත්වුණා. ඒ ජනාධිපති ජන්දෙදි හිටපු ජනාධිපතිතුමා මම හිතන්නේ වැඩියෙන්ම හිටියේ යාපනයේ. මේ ජන්දෙට ආවද? එන්නේ නෑ. ඇයි මේක එයාගේ ජන්දේ නෙවෙයි. ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒ විදිහට. පහුගිය ජනාධිපති ජන්දෙදි විපක්ෂ නායකතුමා මේ උතුරට අවස්ථා ගණනාවකදීම ආවා. මේ ජන්දෙට එනවද? නෑ. ඇයි? මේක එයාගේ ජන්දේ නෙවෙයි. ඒ නිසා ඒ හැසිරීම් විතරක් ප්‍රමාණවත් ඒගොල්ලෝ කුමක් වෙනුවෙන්ද යාපනයට ආවේ කියන එක තේරුම් ගන්න. තමන් දිනනවා නම් යාපනය මතක් වෙනවා. දිනන්නේ නැත්නම් පරදිනකොට යාපනය දාලා යනවා. අපට තිබෙන්නේ අපේ මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් යාපනය ජනතාව එකතු කර ගැනීමේ වුවමනාවක් නෙවෙයි. ජන්දේ දිනන්න යාපනය දෙමළ ජනතාවගේ වුවමනාවක් නෙවෙයි තියෙන්නේ. යාපනයේ ඔබ අපට අවශ්‍ය වෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ රට ගොඩනගන්න ඔබ අවශ්‍යයි. අපේ රටේ සමඟිය හදන්න ඔබ අවශ්‍යයි. යුද්ධ නැති, ගැටුම් නැති, අවිශ්වාසයක් නැති අනාගතයක් මේ දරුවන්ට හදන්න ඔබ අවශ්‍යයි. අන්න ඒ අවශ්‍යතාව වෙනුවෙන් තමයි අපි ඔබ හමුවට ආවේ.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...