සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 11,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක සර් ඉයන් බොතම් බෝට්ටුවකින් වැටී මෝරුන් සහ කිඹුලන් සහිත ජලාශයකට ඇඳ වැටී ඇති බවට වාර්තා වෙයි.
විශ්‍රාමික තුන් ඉරියව් ක්‍රීඩකයා හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මර්ව් හියුස් සමඟ මසුන් ඇල්ලීමේ චාරිකාවක යෙදී සිටියදී මෙසේ ඔහු පැලඳ සිටි පාවහන් කඹයකට හසු වී ඩාවින් අසල මොයිල් ගඟට ඇද වැටී තිබේ.
බීෆී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බොතම්, වැටෙන අවස්ථාවේදී බෝට්ටුවේ වැදීමෙන් පසු දැඩි තැලීම් වලට ලක් විය. ඉක්බිතිව හියුස් සහ සෙසු අයවලුන් ඔහුව ඉක්මනින් පිටතට ගත් අතර දරුණු විනාශයකින් ඔහුව බේරා ගැනීමට හැකි විය.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව මෙම ගංගාව කිඹුලන්ගෙන් බහුල ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර, බොතම් බෝට්ටුවට වැටෙන විට මෝරුන්ගේ පවුලක් ද බෝට්ටුව යට සැඟවී සිටිනු දක්නට ලැබුණි.
2020 දී නයිට් පදවියකින් පිදුම් ලැබූ ශ්‍රීමත් ඉයන් බොතම්, 1980 ගණන්වල එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ වලදී හියුස්ගේ පිටියේ ප්‍රතිවාදියා වූ නමුත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේදී මෙම යුවළ හොඳ මිතුරන් බවට පත්ව ඇත.