“ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අද..

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW :

“ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රියගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද(11)සවස 3.00ට නෙළුම් පොකුණ රඟ­හ­ලේදීයි පැවැත්වීමට නියමිතයි.

එම සම්මාන උළෙල පවත්වනු ලබන්නේ විශ්ව­ස­නීය මාධ්‍ය­ක­ර­ණ­යක් උදෙසා මාධ්‍ය­වේ­දීන් විසින් සිදු කරනු ලබන මෙහෙ­වර ඇග­යීම වෙනු­වෙනි.

මෙම සම්මාන උලෙළේ අර­මුණ වන්නේ, සමාජ වග­කී­මෙන් යුත් මාධ්‍ය කලා­වක් බිහි­කි­රීම සඳහා ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ කුස­ලතා හැකි­යා­වන් හා සුවි­ශේෂී නිපු­ණතා ඇග­යීමයි.

රූප­වා­හිනී, ගුව­න්වි­දුලි, පුව­ත්පත්, වෙබ්, මාධ්‍ය පර්යේ­ෂණ හා පාසල් මාධ්‍ය ඒකක සඳහා  සම්මාන පිරි­නැ­මීම මෙහි දී සිදු කෙරේ.

මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කරන ලද ප්‍රාමා­ණීක මෙහෙ­වර අගය කර­මින් දිවියේ එක් වරක් පම­ණක් පිදෙන ” මාධ්‍යා­භි­මානී ” සම්මාන හා මුදල් ත්‍යාග ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් හය දෙනකු සඳහා පිරි­නැ­මී­මට ද නිය­මි­තයි.

මෙම ජනා­ධි­පති මාධ්‍ය සම්මාන උලෙළ සංවි­ධාන කරනු ලබන්නේ, සෞඛ්‍යය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය මඟිනි.

­

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...