මම අනුරව දැකලවත් නැහැ.ජවිපෙට සල්ලි දුන්නා කියල ඔප්පු කළොත් හෙටම ඉල්ලා අස්වෙනවා – ෂම්මි

Date:

කොළඹ LNW:තමන් අනුර කුමාර දිසානායකව දැකලාවත් නැති අතර ජනතා විමුක්ති පෙරමුණට මුදල් දී ඇති බවට ඔප්පු කළහොත් හෙටම ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා අද (11) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

අනුර දිසානායක මහතා සමඟ තමන්ට කිසිදු ගණුදෙනුවක් තිබී නැති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මේ මොහොතේ ක්‍රිකට් ආයතනය හැර ගිය හොත් තමන් ඇතුළු අයට හොරා කියූ අය ක්‍රිකට් ආයතනයට පැමිණීමට බලාසිටින බවද ෂම්මි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී ඔහු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව දැඩිව විවේචනය කළ අතර රණසිංහ මහතා කන්නාඩියක් ඉදිරියට ගොස් බැලුවහොත් හොරා කවුද යන්න පැහැදිලි වනු ඇති බවයි ෂම්මි ද සිල්වා මහතා කියාසිටියේ.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැටුම ආරම්භ කළේ ක්‍රිකට් ආයතනයේ ආදායමෙන් 20%ක් අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බවද ඔහු සඳහන් කරන ලදී.

”ඇමතිවරයා තමයි මේ ක්‍රිකට් නැති කළේ. පාර්ලිමේන්තුව ගැන දුක හිතුණා. මේ විගණන වාර්තාව තමයි බාලම විගණන වාර්තාව. ඕස්ට්‍රේලියාවේ ගිය ටුවර් එකට ඇමතිවරයාගේ දුවල දෙන්නටත් වීසා ගත්තේ අපි. ක්‍රීඩාව නැති කළ එකම ඇමතිවරයා ඔහු. ජුලයි තමා අපිව තහනම් කරන්න ගියේ. අපිට දැන් පාරේ බැහැලා යන්නවත් බෑ. ඇමතිවරයා කණ්ණාඩිය ලගට ගිහින් බැලුව නම් පෙනෙයි කව්ද හොරා කියලා. වර්ල්ඩ් කප් එකක් කරලා බංකොලොත් උනේ අර්ජුනගේ කාළේ. මම ඉපදෙද්දී මගේ තාත්තට කාර් 4ක් තිබුණා. මේ වගේ දේශපාලන බලපෑමක් කිසිම බෝර්ඩ් එකකට ආවේ නෑ. ඒකයි නැවැත්තුවේ.
අපි පැනලා දුවන්නේ නෑ. අපි අමාත්‍යවරයාට දුන්නා මිලියන 290ක් අනිත් ක්‍රීඩාවට වියදම් කරන්න. එයා ඒවා වියදම් කළේ එයාගේ හිතවතුන්ට. අපි මේ ගැන අල්ලස් එකට යනවා. අපෙන් 20% ආදායමක් අමාත්‍යාංශයට ඉල්ලුවා. අපි බෑ කිව්වා. ඒකෙන් පස්සේ තමයි මේ තරහ පටන් ගත්තේ. අර්ජුනගෙ අම්මාගේ කාර් එකත් බෝඩ් එකට වික්කා.කුඩු සූදු කාරයෝ මගේ කොමිටියේ නෑ. මම 21 ICC යනවා. ජනාධිපතිවරයා සමග මේ ගැන කතාකරන්න ඕන. ඇමතිවරයාට ඕන තැනක අභියෝග කරනවා අපි ක්‍රීඩා කළ අය. එයාට අපිව ඕන තැනකට ගෙනියන්න පුලුවන්. අපි ඊට කලින් එයාව වෙන තැනකට ගෙනියනවා. සුදත් චන්ද්‍රසේකර එක්ක ගෙනල්ලා මම කියන්නම් එයා මගෙන් ඉල්ලපුවා. තනි මිනිහෙක් බොරු කියනවා අනිත් දේශපාලකයින් ඒක පිළිගන්නවා. ICC එක මේක අයින් කළේ නැත්නම් ලබන අවුරුද්දේ ඩොලර් මිලියන 50ක් පාඩු වෙනවා. අපි උසාවියෙන් තමයි මේක බේරගන්නේ. මේ බලය අඩුකරන්න ඕන. මෙයා මේ පාර තේරීම්වලට මැදිහත් වුණා.”
යනුවෙන් ෂම්මි ද සිල්වා මහතා අවධාරණය කළේය.

ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත දැනුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නට යෙදුණ බවට එල්ල වන චෝදනාව පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් පැවසුවේ තමන් IPL වලින් පසු ඉන්දියාවට ගොස් නොමැති බවයි.

”මම සිනමන්ග්‍රෑන් ගියාද කියලා කැමරාවලින් බලන්න පුලුවන්. මේක මාස හතර පහක ඉදන් වුණ එකක්. මට මෙහෙම කරන්න පුලුවන්නම් මම පොරක්. මම ඊයේ ජය පැන් බිව්වේ නෑ. මම මගේ ජිම්කානා ක්ලබ් එකේ හිටියේ. ෆෘට් ජූස් එකක් බීලා ගෙදර ගියා. මට ජනාධිපතිවරයා විශ්වාසයක් දුන්නොත් මම අදම ඒකට මැදිහත් වෙනවා. ඉන්දියාවේ ගේශා එක්ක යාලුකමක් නෑ. වෘත්තීය මට්ටමින් ගනුදෙනුවක් තියෙනවා. ගේශා ජීවිතේට සූදු කරපු කෙනෙක් නෙවෙයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...