මැතිවරණය වෙනුවෙන් අද සිට විශේෂ ලංගම බස් රථ සේවයක්!

Date:

කොළඹ LNW:අද (12) මධ්‍යාහන 12.00 සිට මැතිවරණය වෙනුවෙන් විශේෂ බස්‍ රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.

මැතිවරණයට ගම් බිම් බලා යන අයට අද සිට එම විශේෂ බස් රථ ධාවන වැඩපිලිවෙළ ආරම්භ කරන බවයි සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ.

කිසිදු බිදවැටීමකින් තොරව එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් දී ඇති බවත් ඊට අවශ්‍ය අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් අකර තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

”පුලුවන්තරම් අපහසුතාවකින් තොරව ගමන් කරන්න බස් රථ යොදවනවා. අපි මැතිවරණ රාජකාරී සදහා මෙවරත් බස් රථ 1000කට වඩා යොදවනවා. පොලීසියට බස් රථ 200ක් යොදවනවා. මේ අතරම තමයි බස් රථ ධාවනය සිදුකරන්නේ. මේක දීර්ඝ සති අන්තයක්. මේ නිසාම ඉරිදා සිටම පිට පළාත්වල සිට කොළඹ බලා ඒමට ගමනාගමන පහසුකම් සලසනවා. විශේෂයෙන් හැටන් සහ නුවරඑළිය පිළිබද විශේෂ අවධානයක් යොදවනවා.” යනුවෙන් රමල් සිරිවර්ධන මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...