මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහනය වෙනුවෙන් බිලියන 147කට වැඩි මුදලක් වැය කළා – ජනපති

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන බලපෑම අවම කරන්න බිලියන 147කට වැඩි මුදලක් වැය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය කතාව ආරම්භ කරමින් පැවසුවේය.

එම අර්බුදය විසින් විශාල අවිනිශ්චිත බවක් ගොඩනගා තිබෙන අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම නිසා ලෝකය පුරා සිදුවෙන ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%කට අසන්න ප්‍රමාණයකට බලපෑම් සිදුව ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඉන්ධන මිල,නැව් රක්ෂණ ගාස්තු ඇතුළු ගෙවීම් වල ඉහල යාම සමඟ බලශක්ති වෙළෙඳපොළට ඉතාම අහිතකර බලපෑමක් ඇති කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන් ඇති වූ පීඩනයෙන් තවමත් මිදීමට නොහැකි වී තිබෙන අතර ජනතාවට සහ ආර්ථිකයට එමඟින් සිදුවන බලපෑම අවම කිරීමට රු. බිලියන 147කට වැඩි මුදලක් වෙන් කළ බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අයවැය කතාව අරඹයි!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: අනුරාධපුර රුවන්වැලි සෑය අභියස...

ජනපති හමු වූ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සිය කෘතඥතාව පළ කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: සෞදි අරාබියේ මරණ දඬුවමකට...

 ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර...