*
Friday, October 18, 2024
spot_img

Latest Posts

පළමු වසරේ සිට දරුවන්ගේ කථන ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා: අධ්‍යාපන ඇමති සුසිල්

2023 වසරේ සිට පළමු වසරේ සිට දරුවන්ගේ කථන ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඔහුගේ සභාපතිත්වයෙන් යුතුව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව ඉකුත් 08 වන දින රැස්වූ අවස්ථාවේ ය.

ඒ අනුව සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසැල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරු භවතුන් ආසන්න වශයෙන් 13500 ක් එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින පුහුණු කරුවන් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ, අනාගත අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් පාසැල් සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වාසුදේව නානායක්කාර මහතා විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමිනි.

ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් පෙළ පොත්වල පවතින ව්‍යාකරණ දෝෂ පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් ලබා දුන්නේ එසේ ව්‍යාකරණ දෝෂ පවතින්නේද යන්න සොයා බලන ලෙසයි.

එමෙන්ම ලංකාවේ දමිළ මාධ්‍ය පාසැල්වල දරුවන්ට තමන් කැමතිනම් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමද මෙහිදී සලකා බැලිණි. විශේෂයෙන් සිංහල ජනතාව බහුතරයක් වාසය කරන ප්‍රදේශ වල ඇති දමිළ මාධ්‍ය පාසැල්වල දරුවන් මෙසේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම‍ට කැමැත්තක් දක්වන බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

වර්තමානය වන විට පාසැල් තුළට මත්ද්‍රව්‍ය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් එය වැලැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට මන්ත්‍රීවරයන් විසින් අදහස් දැක්වූ අතර, සභාපතිවරයා සඳහන් කළේ දැනටමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

විශ්ව විද්‍යාලවල සමහර පාඨමාලාවන් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉගැන්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ වර්තමානය වන විට ශාස්ත්‍රපීඨවල පවා අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන්ම ඉගැන්වීම් කළ හැකි අචාර්යවරු අවශ්‍ය වන බවයි.

කොළඹ විශාකා විද්‍යාලයට විදුහල්පතිනියක් පත් කිරීමේදි සිදුවී ඇති අක්‍රමිකතාවක් පිළිබඳව ලැබුණු පමිණිල්ලක් සම්බන්ධව අවධානය යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතා විසින් කරන ලද ඉල්ලිම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.එහිදී විදුහල්පති බඳවා ගැනීමේ පටිපාටිය, එහි පසුගිය කාලය තුළ සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව මෙහිදී නිලධාරීහු කරුණු දක්වා සිටියහ.

එමෙන්ම සියනෑ අධාපන පීඨය‍ට අයත් ඉඩම් කොටසක් බප/ගම්/විද්‍යලෝක මහා විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සඳහා ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමද මෙහිදී සලකා බැලිණි.

මෙම රැස්විමට අධ්‍යපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන්, ඇතුලු මැති අමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ. එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත යූ. ප්‍රේමතිලක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ඇතුලු නිලධාරිහු රැසක්ද කාරක සභාවට සහභාගි වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan