විජේවීර සහ අනුර කුමාර ගැන, භූමිකාවන් දෙක වෙන වෙනම …..

Date:

පැරණි ජවිපයේ මතවාදී න්‍යෂ්ටිය වූයේ උග්‍ර ජාතිකවාදය කේන්ද්‍ර කරගත් වාම අන්තවාදයයි..

මෙතෙක් ඉතිහාසයේ උතුරේ දෙමළ ජනතාවට යම් පමනකට හෝ දකුණෙන් ලැබුන දේශපාලන සහනයවූ පලාත්සබාවට පැරණි ජ.වි.පෙ. ය මාරාන්තික ලෙස එරෙහිවිය..

එදා පලාත්සබාවට පක්ෂව කතාකිරීම පවා ජ.වි.පෙ.යෙන් එන මරණ දඬුවමට අතවැනීමක් විය..එදා ජාතික ගැඨළුව සමබන්ද ඔවුන්ගේ දෘඩ ස්තාවරය වූයේ සිංහල බෞද්ධ දෘෂඨිවාදයෙන් පෙරීආ ඒකීය රාජ්‍ය මතවාදයයි….

එසේම රට තුලට නව්‍ය තාක්ෂණය සහ මහා ප්‍රාග්ධනය රැගෙන ආ බහුජාතික ආයෝජන වලට පැරණි ජ.වි.පෙ. එදා එකහෙළාම එරෙහි විය..එහිදී ඔවුන්ගේ ආර්ථික දර්ශනය වූයේ පැරණි දූපත්වාදී ජාතික ආර්ථිකයයි..
විවෘත ආර්ථිකය යනු යක්ෂයෙක්ය යන මතය සමාජය තුල පැලපදියම් කලේද ඔවුන් ය.

එසේම පැරණි ජ.වි.පෙ. ය ප්‍රජාතන්ත්‍රවාදය විස්වාස කලේම නැත, මැතිවරණ යනු ධනපති පන්තියේ ප්‍රෝඩාවක්ය යන ස්තාවරයේ සිටි ඔවුන්ගේ බලය ලබාගැනීමේ එකම ක්‍රමවේදය වූයේ අවිගත් කුඩා කන්ඩායමක් විසින් බලය පැහැරගත් කියුබානු මාවතයි..

එසේම ඉතිහාස රසායනාගාර තුල නරුම ප්‍රතිපල අත්කර දුන් පුත්ගල ඝාතන නරෝද්නික් බාවිතාව ඔවුන් නරෝද්නික් වරුන්ටත්වඩා ඉහලින් කල අතර එය මාක්ස් වාදයට හෝ ලෙනින් වාදයට කිසිසේත්ම පෑහුනේ නැත..

කෙසේ හෝ විජේවීරගේ මරණයෙන් පසු සෝමවංශගේ නායකත්වයෙන් යුතුව ජ.වි.පෙ. විවෘත දේශපාලනයේ නියුතුවූ කාලයේද මේ ලක්ෂනය මෙසේම තිබින..

මහින්ද ආන්ඩුව උතුරට හමුදා මෙහෙයවන විට ජ.වි.පෙ. ඒ යුද්දයේ මතවාදී වාහකයාගේ කාර්‍ය ඉටුකිරීම එහි එක් කූඨප්‍රාප්තියක් ලෙස සැලකිය හැක..

නමුත් අනුර නායකත්වයට පැමිණීමත් සමඟ ජ.වි.පෙ. තුල තිබූ පරණ වාම අන්තවාදය ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරය තුලම ටික ටික නිශ්ප්‍රභා විය..පලාත්සබාවට පක්ෂ වූවන්ට මරණ දඬුවම නියම කල ජ.වි.පෙ. වත්මන් දේශපාලන පෙරමුණ වූ මාළිමාව විසින් දහතුන ව්‍යවස්තා සංශෝධනය පිලිගත්තේය..

එසේම රාජ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරුණු අරගලවල නියුතුවූ ජ.වි.පෙ.ම දැන් විදේශ අධ්‍යාපනය සඳහා බටහිරට යන ශිෂ්‍යයන්ගේ කෝටිගනන් මුදල රට තුල රඳවාගැනීමට නම් පෞත්ගලික විශ්ව විද්‍යාල රට තුල බිහිවිය යුතු බව පිලිගනී..

එසේම පරන සන්නද්ධ අරගල මාවත හමස් පෙට්ටියට දැමූ ජ.වි.පෙ බලය සඳහා නිවැරදිම මාවත මහජන මතය උරගා බැලෙන මැතිවරණ ක්‍රමය බව දැන් පිළිගනී..

ඇත්තෙන්ම ජ.වි.පෙ.කලින් තිබුනා වැනි වාම අන්තවාදයක් පිටත සිට විවේචනය කොට දියකර දැමිය නොහැකිය..එය දියකර දමන්නේ නම් එය කල හැක්කේ ඇතුලතින්ම කරන දියකර හැරීමකින්ම පමණි ..එහි ඓතිහාසික කාර්‍ය්බාරය අනුර විසින් ඉටුකර ඇත..

ඇත්තෙන්ම ඔහු පරණ බලවේගයට නොදැනෙන්ට එහි අතීත පාදම දෙපා යටින් එළියට ඇද ඈතට විසිකර දමා ඇත..

නමුත් මා මෙහිදී නූතන අර්බූදයෙන් රට ගොඩගන්නේ අනුර යැයි නොකියමි.. මන්ද එය වෙනත් තලයක පවතින කාරනාවක් වන බැවින්.. ඒ කෙසේ වෙතත් අනුර ඔහුගේ කාර්‍ය්බාරය ඉටුකොට ඇතිබව කිව හැක..

මෙහිදී ජ.වි.පෙ. නිවැරදි කිරීමට එළියට බැහැපු පෙරටුගාමීන් ජ.වි.පෙ. විසින් එළියට විසිකල වාම අන්තවාදයන් බදාගැනීමද කනගාටුදායකය.. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි රටක කලක් ජීවත්වූ දියුණු ලෝකය දැකපු අනුරගේ ගුරුවරයා වූ කුමාර්ගේ නායකත්වයයෙන් එසේ සිදුවීම වඩාත්ම කනගාටු දායකය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව බෞද්ධ කටයුතු...

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...