*
Wednesday, July 3, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තු වරප්‍රසාද සමඟ ප්‍රකාශ නොකර අමාත්‍යංශයේ ඇති ඒකකයට පැමිණිලි කරන්න පුළුවන් – මහේල ජයවර්ධන

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
මහේල ජයවර්ධනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද මත යමෙක් කියන ප්‍රකාශයකට තමන්ට පිළිතුරු දිය නොහැකි බවයි.මහේල ඒ ගැන තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ එවැනි ප්‍රකාශ නොකර එවැන්නක් වී ඇත්නම් ඔහුට ඒ සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යංශයේම ඇති විශේෂ ඒකකයට පැමිණිලි කළ හැකි බවය.

අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ වැටුප් ගැන කරන ලද හෙළිදරව්ව ගැන මහේල කරුණු දක්වමින් කියා සිටියේ තමන්ට පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ලැබෙන වැටුප්වලට වැඩි වැටුපක් ලැබිය හැකි මට්ටමක් තිබෙන බවයි.තමන් මෙන්ම පුහුණුකරු කාර්ය මණ්ඩලයේ සිටින අය එම වැටුප් ලබන්නේ එම වෘත්තියට අදාළව ඔවුන්ගේ තත්ත්වයට ලැබිය යුතු වැටුපක් බව ද ප්‍රකාශ කළේය.

ක්‍රිඩකයින් මාධ්‍ය හමුවේ කරන කරුණු දැක්වීම මෙන්ම සමාජ මාධ්‍යජාලාවල හැසිරීම ක්‍රිඩකයින්ට බලපාන ආකාරයද මාධ්‍ය වෙතින් මහේලට යොමු වූ ප්‍රශ්න අතර විය.මහේල ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉතිහාසය මතක් කරමින් කියා සිටියේ තමන් ක්‍රිඩා කරන අවධියේ ඇතැම් ක්‍රිඩකයින් කඩුලු 3 ක් ලබා 5 දක්වා යාමට බය වූ අවස්ථා ද තිබුණු බවය.ඒ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට ඇති පසුබෑම නිසා බවත් මහේල පෙන්වා දුන්නේය.එය වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් බවත් මහේල පෙන්වා දුන් අතර සමාජ මාධ්‍යවලින් යම් බලපෑමක් විය හැකි බව පවසමින් මහේල ප්‍රකාශ කළේ මෙහි සිටින ක්‍රිඩකයන්ද සමාජ මාධ්‍ය වෙත අලුතෙන් හුරුවෙමින් සිටින පිරිසක් බවය.එහෙත් ඉදිරි පරම්පරාව සමාජ මාධ්‍ය ගැන මීට වඩා අවබෝධයකින් තේරුම් ගෙන කටයුුතු කරන පිරිසක් වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කළේය.

කුසල් මෙණ්ඩිස් විරාට් කෝලි සිද්ධියේදි ඔහු සිටියේ ඒ සම්බන්ධයෙන් පිළිතුර දීමට සුදුසු මානසිකත්වයක නොවන බව පැවසීය.තරග පරාජය වී,ඊ ඏගට පැවත්වෙන බංගපාදේශය සමඟ වන තරගයට සූදානමින් ඒ සම්බන්ධ පිළිතුරු දීමේ අපේක්ෂාවෙන් බවත්,එය අනපේක්ෂිත ප්‍රශ්නයක් බවත් ඔහු පැවසීය.එසේම විරාට් කෝලිගේ දක්ෂතාවය පිළිබඳ තමන් ඒ මොහොතේ පුහුණු සැසියක සිට පැමිණි බැවින් නිවැරදිව දැන නොසිටි බව පැවසූ කුසල්,විරාට් අති දක්ෂ ක්‍රීඩකයෙක් බවත්,ඔහු විසින් ශතක 49 ක් රැස් කිරීම පහසු නොවන විශිෂ්ඨ දක්ෂතාවයක් බවත්,ඒ මොහොතේ තමාගෙන් වූ වරදට සමාව අයදින බවත් ප්‍රකාශ කළේය.

අයිසීසී තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාලනය තමන් සතුව නොමැති බව මහේල මෙන්ම කුසල් ද පෙන්වා දුන් අතර තමන්ට පහසුකම් සපයා දීම හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් බලපෑමක් සිඳු නොවන බවද ඔවුහූ පෙන්වා දුන්හ.ජාත්‍යන්තර දක්ෂතා සඳහා දේශිය තරග පැවත්වෙන් ආකාරයේ පසුබිම වෙනස්වීම අවශ්‍යය බවද,අරවින්ද,සංගක්කාර,මුරලි වැනි ක්‍රිඩකයින් එක්ව ඒ සම්බන්ධයෙන් සැළසුමක් සකස් කළේ ඒ නිසා බව ද ඔහු පෙන්වා දෙමින් තාක්ෂණික වශයෙන් එහිදී ඇතිවන බලපෑම උදාහරණ සහිතව පැහැදිළි කිරීමක් ද සිඳු කළේය.

රටේ ක්‍රිකට් රසික ප්‍රජාව සපුරා සතුටු වන ආකාරයේ පිළිතුරු ලබා ගත හැකි මාධ්‍ය හමුවක් නොවෙන්නට ඇති හේතු කිහිපයක් මේ මාධ්‍ය හමුවේ දකින්නට ලැබිණ.එකක් සිඳුවන්නේ මේ සම්බන්ධයෙන් යම් පිරිස් කරන චෝදනා සනාක කරන සාධක මෙහි නොවිමෙන් එය ගැටළුකාරි විය හැකිය.එසේම ඇති ගැටළු තෝරාගෙන ඉදිරියේදි එය නිවැරදි කර ගන්නට අවශ්‍යය පදනම ගැන පළල් පැහැදිළි කිරීමක් සිඳු නොවුණ නිසා පරාජය ගැන කම්පාවෙන,ඉන් මිදීමට අවශ්‍යය බව සිතන පිරිස් එ් සඳහා වන විසදුම් නිවැරදිව ඉදිරිපත් නොවිමෙන් තාප්තිමත් නොවීම නිසාය.

නෙසේ හෝ දැවන්ත පරාජයකින් පසුව ඇතැම් නායකයින් ඊට මුහුණ නොදී විදේශ සංචාරවල නියැලෙමින් මාධ්‍යට මුහුණ නොදී ලිපි එවන ලද ඉතිහාසයක,පරාජයක් හමුවේ මාධ්‍ය ඉදිරියේ මේ ආකාරයෙන් පෙනී සිටීම ඉතිහාසයේ සිට වර්ථමානය දක්වා වන ක්‍රිකට්වල ඉහල පහළ යාම් ගැන සාපේක්ෂ සිතිමකින් පසුවන අප ඒ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ක්‍රිඩකයන්ට සහ කණ්ඩායම් නිලධාරීන්ට ස්තූතිවන්ත වන්නෙමු.

මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ක්‍රිඩකයන් ජීවත්වන ජීවන තත්ත්වය සහ සමාජ පසුබිම කියවාගෙන ඊට සුදුසු මට්ටමේ ගැලපෙන මානසික් උත්ප්‍රේරකයෙක් සොයා ගැනීමට අවධානය යොමු කිරීම වැදගත් බව මහේල ද එම අවශ්‍යයතාවය මතු කළ තත්ත්වයක මින් පෙරද අප යෝජනා කළ පරිදි දන්වනු කැමත්තෙමු.

පහතින් ඇත්තේ එම මාධ්‍ය හමුව නැරඹීම සඳහා ප්‍රවේශ විය හැකි සබඳතාවයය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan