*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

පිටකොටුවේ සීනි මාෆියාව!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුදල් අමාත්‍යාංශය විසින් එක රැයකින් සීනි ආනයනය සඳහා වන විශේෂ භාණ්ඩ බද්ද කිලෝවකට ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් සමඟ පිටකොටුව වෙළෙඳපොළේ තොග සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 250 සිට රුපියල් 315 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සුදු සීනි සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 330ක් ලෙස අලෙවි කරන ලෙස සිල්ලර වෙළෙඳුන්ට පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝග කර තිබේ.

මෙම හදිසි බදු වැඩිවීම හේතුවෙන් සීනි කිලෝවකින් රුපියල් 40ක පාඩුවක් සිදුවන බැවින්, අනාගත ආනයන ඇණවුම් අවලංගු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ආනයනකරුවන් පෙන්වා දෙන අතර, නත්තල් සහ අලුත් අවුරුදු කාලවලදී රට තුළ සීනි හිඟයක් ඇති විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.

මෙරට දෛනික ඉල්ලුම මෙට්‍රික් ටොන් 2000ක් පමණ වන බැවින්, දැනට පවතින සීනි මෙට්‍රික් ටොන් 30,000 තොගය සති දෙකකට පමණක් ප්‍රමාණවත් බව භාණ්ඩ ආනයනකරුවන් කිහිප දෙනෙක් අනාවරණය කළහ.

මේ අතර, සීනි තොග නිකුත් නොකරන සියලුම ගබඩාවලට මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

සීනි සඳහා මෑතකදී හඳුන්වා දුන් උපරිම සිල්ලර මිලට එරෙහිව කරන එවැනි උත්සාහයන් හෙලා දකින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අලෙවිකරුවන් කිහිප දෙනෙකු විසින් නියමිත ප්‍රමාණයට වඩා වැඩි මිලට සීනි අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි වෙළෙන්දන්ට එරෙහිව ද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය නොවැම්බර් 03 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සුදු සහ දුඹුරු සීනි සඳහා පාලන මිල නියම කළේය.

ඒ අනුව ඇසුරුම් කළ සහ ඇසුරුම් නොකළ දුඹුරු සීනි පිළිවෙලින් රු. 350/kg සහ රු. 330/kg ක් වන අතර, ඇසුරුම් කළ සහ ඇසුරුම් නොකළ සුදු සීනි රු. 295/kg ක් සහ රු. 275/kg, ම්ශ්රීිල ගණන් සංශෝධය වී ඇත.

රජයේ බදු සංශෝධන වහා ක්‍රියාත්මක කිරීමට හෝ එය ප්‍රමාද කිරීමට තෝරා ගැනීමේ අනිසි වාසියක් විකුණුම්කරුවන්ට ඇති බැවින් ශ්‍රී ලංකාවේ තාවකාලික බදු ප්‍රතිපත්ති පාරිභෝගිකයින්ට එය තදින්ම බලපානු ඇත

රජය එක රැයකින් බදු වැඩි කරන විට, ආනයනකරුවන් සහ වෙළඳුන් ඊළඟ තොගය ආනයනය කිරීම සඳහා තම මුදල් තර කර ගැනීමට , අඩු මිලට මිලදී ගත් දැනට පවතින තොගවල මිල වහාම ඉහළ දමයි.

පසුව වැඩි මිලට තොග මිලදී ගත් බව පවසමින්, රජය බදු වැඩි කරන විට ආනයනකරුවන් සහ වෙළඳුන් එම මිලම පවත්වාගෙන යාමට උත්සාහ කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan