ගාසාවේ දෙවන විශාලතම රෝහලත් බිඳ වැටේ.

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ගාසාවේ දෙවන විශාලතම රෝහල වන අල්-කුඩ්ස් රෝහල ඉන්ධන අවසන් වීම හේතුවෙන් තව දුරටත් ක්‍රියාත්මක නොවන බව පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය (PRCS) නිවේදනය කර තිබේ.

ඊයේ දිනය වන විට ගාසා තිරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆාහි රෝහල් අධ්‍යක්ෂකවරයා ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ, රෝහලේ ජලය, ආහාර සහ විදුලිය අවසන් වී ඇති හෙයින් රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇති අතර බවයි. මේ වන විට ඉන්කියුබේටරවල ජීවත්වූ අලුත උපන් දරුවන් 45 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන්නන් මිනිත්තුවෙන් මිනිත්තුව මිය යන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ රෝහල් 36 න් අඩක් ක්‍රියාත්මක නොවන බවයි.

මේවන විට උතුරු ගාසා තීරයේ රෝහල්වල සේවා සහ සන්නිවේදන බිඳවැටීම හේතුවෙන් ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ නවතම සංඛ්‍යාව යාවත්කාලීන කිරීම ප්‍රමාද කර ඇති අතර ගතවූ නොවැම්බර් 10 වන දිනට මියගිය සංඛ්‍යාව 11,078 දෙනෙකු ලෙස සඳහන් වන අතර ඉන් 4,500ක් දරුවන් වන බවයි පැවසෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...