ගාසාවේ දෙවන විශාලතම රෝහලත් බිඳ වැටේ.

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ගාසාවේ දෙවන විශාලතම රෝහල වන අල්-කුඩ්ස් රෝහල ඉන්ධන අවසන් වීම හේතුවෙන් තව දුරටත් ක්‍රියාත්මක නොවන බව පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය (PRCS) නිවේදනය කර තිබේ.

ඊයේ දිනය වන විට ගාසා තිරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆාහි රෝහල් අධ්‍යක්ෂකවරයා ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ, රෝහලේ ජලය, ආහාර සහ විදුලිය අවසන් වී ඇති හෙයින් රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇති අතර බවයි. මේ වන විට ඉන්කියුබේටරවල ජීවත්වූ අලුත උපන් දරුවන් 45 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන්නන් මිනිත්තුවෙන් මිනිත්තුව මිය යන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ රෝහල් 36 න් අඩක් ක්‍රියාත්මක නොවන බවයි.

මේවන විට උතුරු ගාසා තීරයේ රෝහල්වල සේවා සහ සන්නිවේදන බිඳවැටීම හේතුවෙන් ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ නවතම සංඛ්‍යාව යාවත්කාලීන කිරීම ප්‍රමාද කර ඇති අතර ගතවූ නොවැම්බර් 10 වන දිනට මියගිය සංඛ්‍යාව 11,078 දෙනෙකු ලෙස සඳහන් වන අතර ඉන් 4,500ක් දරුවන් වන බවයි පැවසෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...