රාජිතටත් නැති හදිස්සියක් මහින්දට !

Date:

පෙරේදා දිනයේදී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ප්‍රසිද්ධ තීන්ත ව්‍යාපාරයක හිමිකරුගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වී තිබිණි. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සියල්ලන්ටම පාහේ ඊට ආරාධනා කර තිබිණි.

පස්වරු 7 ට පමණ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයට සහභාගී වීමට පැමිණ තිබුණු අතර එහි පැමිණි විගසම ඒ මහතා විමසා තිබුණේ “කෝ, රාජිත ඉන්නවාද ?” යනුවෙනි. රාජිත සේනාරත්න මහතා එහි පැමිණ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත.

“රාජිත, ඔයා දැන් ආණ්ඩුවට එනවා කියලා කතාවක් තියෙනවා නේද ? එන්න, එන්න. ඉක්මනට ආණ්ඩුවට ඇවිල්ලා මේක කරගෙන යන්න එකතුවෙන්න. මෙතන ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාජිත සේනාරත්න මහතාට පවසා ඇති බව සඳහන්.

ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ “එහෙම කිව්වාට බැහැනේ. මට ප්‍රතිපත්ති තියෙනවා. මම තීන්දුවක් ගන්නේ ඒ ඔක්කොම ගැන සලකා බලලා” යනුවෙනි.

“ඔයාට තියෙන්නේ ජොන්ස්ටන්ලා, මහින්දානන්දලා, රෝහිතලා ගැන ප්‍රශ්නය නේ ? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මම රනිල්ටත් කිව්වා ඒගොල්ලො ඇමතිකම් ඉල්ලුවාට දෙන්න අවශ්‍ය නෑ, ඉදිරියේදී ඇමතිකම් දෙන්නම් කියලා දැනට ලියුමක් විතරක් දෙන්න කියලා. ඒක එහෙම විසඳෙයි. ඔයා එන්න, ඇවිල්ලා මේක කරන්න ….” යනාදී වශයෙන් කියා ඇත.

රාජිත සේනාරත්න මහතා ඒ සියල්ල අසාගෙන සිට ඇති නමුත් පිළිතුරක් ලබාදී නොමැති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...

පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි...