රාජිතටත් නැති හදිස්සියක් මහින්දට !

Date:

පෙරේදා දිනයේදී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ප්‍රසිද්ධ තීන්ත ව්‍යාපාරයක හිමිකරුගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වී තිබිණි. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සියල්ලන්ටම පාහේ ඊට ආරාධනා කර තිබිණි.

පස්වරු 7 ට පමණ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයට සහභාගී වීමට පැමිණ තිබුණු අතර එහි පැමිණි විගසම ඒ මහතා විමසා තිබුණේ “කෝ, රාජිත ඉන්නවාද ?” යනුවෙනි. රාජිත සේනාරත්න මහතා එහි පැමිණ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත.

“රාජිත, ඔයා දැන් ආණ්ඩුවට එනවා කියලා කතාවක් තියෙනවා නේද ? එන්න, එන්න. ඉක්මනට ආණ්ඩුවට ඇවිල්ලා මේක කරගෙන යන්න එකතුවෙන්න. මෙතන ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාජිත සේනාරත්න මහතාට පවසා ඇති බව සඳහන්.

ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ “එහෙම කිව්වාට බැහැනේ. මට ප්‍රතිපත්ති තියෙනවා. මම තීන්දුවක් ගන්නේ ඒ ඔක්කොම ගැන සලකා බලලා” යනුවෙනි.

“ඔයාට තියෙන්නේ ජොන්ස්ටන්ලා, මහින්දානන්දලා, රෝහිතලා ගැන ප්‍රශ්නය නේ ? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මම රනිල්ටත් කිව්වා ඒගොල්ලො ඇමතිකම් ඉල්ලුවාට දෙන්න අවශ්‍ය නෑ, ඉදිරියේදී ඇමතිකම් දෙන්නම් කියලා දැනට ලියුමක් විතරක් දෙන්න කියලා. ඒක එහෙම විසඳෙයි. ඔයා එන්න, ඇවිල්ලා මේක කරන්න ….” යනාදී වශයෙන් කියා ඇත.

රාජිත සේනාරත්න මහතා ඒ සියල්ල අසාගෙන සිට ඇති නමුත් පිළිතුරක් ලබාදී නොමැති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...