33 වැනි ඉල් මහ විරු සමරුව අද ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු ජවිපෙ දෙවැනි කැරැල්ලේදී මියගිය ක්‍රියාකාරිකයින් සිහිකරමින් පැවැත්වෙන ඉල් මහ විරු සමරුව අදට (13) යෙදී තිබේ.

1989 නොවැම්බර් 13 වනදා රෝහණ විජේවීර මහතා ඝාතනයට ලක්වූ අතර අදට ඊට 33 වසරක් සපිරේ.

ඉල් මහ විරු සමරුව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන සමරු වැඩසටහන අද පස්වරු 03.30 ට කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ. එහිදී සමරු ගී ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිත ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ඉල් මහ විරු සමරුව අද පස්වරු 03.00 ට කෑගල්ල නගරසභා ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...