චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට එජාප මන්ත්‍රීවරියක් සහභාගී වීම ගැන නිවේදනයක්

Date:

චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගිය 11 වනදා පැවති විරෝධතාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් සහභාගී වීම සම්බන්ධයෙන් එම පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණයට අදාළව පැවති එම විරෝධතාවට සීතාවක ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීනී සශී හෙට්ටිආරච්චි මෙනවිය සහභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඇය එම විරෝධතාවට සහභාගී වී ඇත්තේ පක්ෂයෙන් කිසිදු විමසීමක් කර නොවන බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු කිසියම් දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට අයත් කාර්යයක් නොව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරන්නක් බවත් මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව සිදුකරන එම ක්‍රියාවට පක්ෂයක් ලෙස තමන් මැදිහත් නොවන බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

ඒ අනුව පක්ෂයේ අනුදැනුමකින් තොරව එවැනි කටයුත්තකට සම්බන්ධවීම පිළිබඳව සශී හෙට්ටිආරච්චි මෙනවිය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැන පක්ෂ කළමනාකරණ මණ්ඩලය ඉදිරියේදී තීන්දු කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...