- ඉහළ පොලී අනුපාත හේතුවෙන් සංචාරක කර්මාන්තයේ හිඟ ණය රු. බිලියන 700 ක් තරම් වූ දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇති බව PWC සමාගමේ හිටපු කලමනාකාර අධ්යක්ෂ සුජීව මුදලිගේ පවසයි: මෙම තත්ත්වය සඳහා රජයේ සහ බැංකු අංශයෙන් හදිසි ප්‍රතිචාරයක් අවශ්‍ය බව පවසයි: මහ බැංකුවේ පොලී අනුපාත ප්‍රතිපත්තිය නිසා ක්ෂේත්‍ර කිහිපයකට දැඩි හානියක් සිදුවී ඇති අතර, 2022/23 වාර්තාගත පොලී අනුපාතවලින් සංචාරක ක්ෂේත්රයට කිසිදා ගොඩ ඒමට නොහැකි වනු ඇති බව ද පවසයි.
- වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවේ පිරිසක් විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රටේ වියදමින් මුදල් රැස් කරන බව පෙනෙන්නට ඇති බව සමඟි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක මුජිබර් රහුමාන් චෝදනා කරයි: ආනයනික සුදු සීනි සඳහා පනවා තිබූ බද්ද කිලෝග්රෑමයකට ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ නැංවීම සිදුවූයේ, ඇතැම් ආනයනකරුවන් විසින් සීනි මෙට්‍රික් ටොන් 8,500ක් නිෂ්කාශනය කිරීමෙන් අනතුරුව බව පෙන්වා දෙයි.
- මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිලි විකුණා දැමීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තම සංගමය තීරණය කළ බව එක්සත් තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.
- අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
- හඳුනා ගත් ඖෂධ වර්ග 60 ක මිල පාලනය ඉවත් කර ඒවායේ මිල, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන වටිනාකම් මත පදනම්ව සියලුම ඖෂධ සඳහා ඒකාබද්ධ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන ලෙස තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි: මෙය සිදු නොකළහොත්, උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වීමේ සැලකිය යුතු අවදානමක් ඇති බව අනතුරු අඟවයි.
- විදේශයන්හි නිපුණතා ඇති වෘත්තිකයන් සඳහා පෙර නොවූ විරූ ඉල්ලුමක් හට ගැනීම හේතුවෙන් මෑත මාසවල බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවන්ගේ ශ්‍රම බලකායෙන් 25% ක් නික්මගොස් ඇති බව ශ්‍රීලංකන් එයාර්ලයින්ස් බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි: ක්‍රියාවට නැංවිය හැකි රඳවා ගැනීමේ සැලැස්මක් ද (retention plan) සමඟ සහයෝගයෙන් කටයුතු කරන මෙන් ජාතික ගුවන් සේවයේ කලමනාකාරීත්වයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
- තම තොරතුරු නිවැරදි බව සහතික කර ගැනීම සඳහා සිය ජංගම දුරකථන සිම් කාඩ්පත් ලියාපදිංචිය යාවත්කාලීන කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි: බදුකරණය සහ අනෙකුත් රාජ්‍ය සේවාවන්හි ඩිජිටල්කරණයට පහසුකම් සැලසීම සඳහා විශේෂ හැඳුනුම්පතක් හඳුන්වාදීමට පෙර මෙය සිදු කිරීමට නියමිත බව පවසයි: ශ්‍රී ලංකාව තුළ, එහි මිලියන 22 ක් වූ ජනගහනයට වඩා මිලියන 08ක් පමණ වැඩිපුර සිම් කාඩ්පත් ලියාපදිංචිකර තිබේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ දස්කම් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ දුර්වල කාර්යසාධනයේ එක් රිදී රේඛාවක් වූ බව සර්වකාලීන වේගපන්දු යවන දක්ෂයකු වන වකාර් යුනිස් පවසයි.
- ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් සඳහා නිපදවන තණතීරු වර්ග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ අරගලවලට හේතුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක-පුහුණුකරු මහේල ජයවර්ධන පවසයි: ඉන්දියාවේ පැතලි තණතීරු හමුවේ, ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉහළම කාර්යසාධනයක් පෙන්වීම සඳහා මෙම තණතීරු ඉඩ ලබා නොදුන් බව පවසයි: දඟ පන්දු යවන්නන්ට ඔවුන්ගේ කඩුලු දවා ගැනීම සඳහා “වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට” අවශ්‍ය වන තත්ත්වයන් හසුරුවන්නේ කෙසේද යන්න මෙම තණතීරු ඉගැන්වූයේ නැති බව ද පවසයි.
- රටේ ක්‍රිකට් වලට ආදරය කරන ජනතාවගෙන් තම කණ්ඩායම සමාව අයදින බව ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසයි: ලෝක කුසලාන තරඟාවලියේ දී අඩු දස්කම් දැක්වීමට තම කණ්ඩායමට කිසිඳු තර්ජන හෝ බාහිර බලපෑම් එල්ල නොවූ බව අවධාරණය කරයි.
