*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

2024 අය – වැය ජනතාවට සුබද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 අය වැය යෝජනා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළේය.

එහිදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ, රජයේ ආදායම වැඩි කර ගැනීමෙන් පසු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදු කළයුතු බවත් , වැටුප් වැඩි කිරීම හිතුමතේ සිදු කළ හැකි කාර්‍යක් නොවන බවයි.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, මුදල් අච්චු ගැසීමකින් හෝ බදු වැඩි කිරීමක් හරහා හෝ පිටරටකින් සල්ලි ණයට ගැනිමකින් වැටුප් වැඩි කිරීම කළ හැකිවන බවයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දමන්න නම් බදු ආදායම 35%ක් වැය වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ,

පීලි පැන ඇදවැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවද ජනාධිපතිවරයා පවසා සිටියා.

කෙසේඑ වුවද, රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩිකිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එම දීමනාව රුපියල් 17,800 දක්වා ඒ අනුව ඉහළ දැමෙන බවද පැවසීය.

ජනාධිපතිවරයා පවසා සිටියේ, රජයේ සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් සිදුවීමක් නොමැති බැවින් , රාජ්‍ය අයවැයෙහි සමබරතාවය නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට යෝජනා කරන බවයි.

එමෙන්ම රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1,300,000) ක් පමණ වෙන බවත් , ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩි බවත් සඳහන් කළ ජනාධිපතිවරයා , රජයේ සේවකයන්ට දැනට හිමිවන රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාව 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කර සිටින බවයි.

තවද, ලබන වසරේ පෙබරවාරි මාර්තු මාසය වන විට මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබීමට පටන් ගන්නා බැවින්, මෙම දීමනාව අප්‍රේල් සිට මාසික වැටුපට එකතු කරන බවත්, ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට පියවර ගන්නා බවයි,

විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් ඉහළ දමන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000 ක් බවත් ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාවක් වන නිසා රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500 කින් වැඩි කරන බවද පැවසීය , මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

තවද, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. කොළඹ නාගරික නිවාස වල අඩු ආදායම්ලාභී පවුල්වලින් කුලී අයකිරීම සම්පූර්ණයෙන් නවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටි අතර , එම නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදෙන බවයි කියා සිටියේ.

තවද, ජනාධිපතිවරයා සඳහන් කළේ, 2024 වසරේ දී පවුල් 50,000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙන අතර, ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබාදෙන මෙම ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් 70%ක් පමණ ඉඩම් සහ නිවාස අයිතිකරුවන් බවට පත්වන බවයි.

එමෙන්ම කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන 10ක් මෙවර අයවැය මගින් වෙන් කර ඇත. වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මෙහි මූලික පියවර ලෙස රුපියල් බිලියන 4 ක මුදලක් වෙන් කරන බවද පැවසීය.

ස්වභාවික විපත් නිසා හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීම සඳහා, රුපියල් බිලියන දෙකක් සහ ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන 10ක්ද වෙන් කර ඇති බවද සඳහන් විය.

ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා රුපියල් බිලියන 55ක අතිරේක ප්‍රතිපාදන යොදවන බව ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

තවද, බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600ක් 2024 සඳහා වන අයවැය මගින් වෙන් කර ඇත. පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන බව සඳහන් විය.

නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නා බවත්, ඉදිරියේදී පළාත් සභා මගින්ද විශ්වවිද්‍යාල ඇති කිරීමට බලාපොරොත්තු වන අතර , ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් හෝ තුන් ගුණයකින් වැඩි කිරීම අරමුණ වන බව 2024 සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේය,

තවද, නව යුගයට ගැලපෙන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා , පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවද සඳහන් කළේය. ඒ වෙනුවෙන් ලබන වසර වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැය මගින් වෙන් කර ඇති බවද පැවසීය.

එමෙන්ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු මෙරට එම විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරන අතර , රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබාදෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කර තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණ තරුණියන් සඳහා දෙස් විදෙස් රැකියා ලබා ගැනීමට අවස්ථාව සැකසිය යුතු අතර, මේ සඳහා වන පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැය මගින් වෙන් කර ති බවද සඳහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan