ටයිකොන්ඩෝ ජාත්‍යන්තර තරගාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation – THF) හී ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ ආසියානු කලාප ප්‍රධානී Kang Dae Geun මහතා සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා යන මහත්වරුන් විසින් අත්සන් කරන ලදී.

තවද ලෝක ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කළ අතර එහි සභාපති වරයා ලෙස සබරගමු පලාත් සභා සභාපති කංචන ජයරත්න මහතා පත් කරන ලදී. ඊට ජාත්‍යන්තර තරගාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය.

අදාළ නිල ලිපිය සඳහා අත්සන් කිරීම හා නිල ලාංචන පැලදීම මෙහිදී සිදු කරන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් රුවන් අලහකෝන්, තාක්ෂණික කමිටු ප්‍රධානී කී සූ ලී (Ki Su Lee) මූල්‍ය පරිපාලක දසුන් විජේසිංහ යන මහත්වරුන් සහභාගි විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...