කුසල්ගෙන් සුපිරි ඉණිමක් – ඒත් ශ්‍රී ලංකා ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස්ගේ පිහිටෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 14,(LNW) කොළඹ :

රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වැදගත් වන්නේම ඊට වර්ෂාවෙන් ඇති වන බාධාවන් අඩු බැවිනි.පසුගිය කාලයේ තරග කිහිපයක්ම වර්ෂාවට සේදී නොගියේ රටේ පැවති කාලගුණ තත්ත්වයට වඩා යහපත් මට්ටමෙන් දඹුල්ලේ කාලගුණය පැවති බැවිනි.ඒත් නවසීලන්තයට එරෙහි එක්දින තරගයටනම් වැස්ස අනාරාධිතවම කඩා වැදිණ.


වැහි ලකුණු දැක පළමුව පන්දුවට පහර දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබ ඩක්වර්ත් ලුවිස්ගේ උදව්ව ද ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රීඩකයො සිතූහ.එහෙත් වැඩි ලකුණු යන්න අවසාන විස්සයි විස්ස තරගයේදී නවසීලන්ත පන්දු යවන්නන් එල්ල කළ පීඩනය සමඟ පහසු නොවන බව ද ඔවුහූ දැන සිටියහ.


ශ්‍රී ලංකා ඉණිම ආරමභයේදීම පාහේ පැතුම් නිශ්ශංකගෙ කඩුල්ල හිමි කර ගනිමින් නවසීලන්තයට තරගය පිවිසිණි.එහෙත් ඔවුන් නැවත පිටට තල්ලු කර දැමීමේ වගකිම කුසල් මෙණ්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු භාර ගත්තේය.දෙවන කඩුල්ල සඳහා සබඳතාවය ලකුණු 206 ක් වූ පසු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 100 ට දැවී ගියේය.එහෙත් ලකුණඅු 17 ට එක් කඩුල්ලක්ව තිබියදී පිටියට පිවිසි කුසල්,ශ්‍රී ලංකා ලකුණු පූවරුව 291 ක් වන තේම කඩුල්ලේ රැදී සිටියේය.ඔහු පන්දු 128 දී ලකුණු 143 ක් ලැබීය.මැද පෙළ ශක්තිමත් කරමින් පන්දු 28 දී ලකුණු 40 ක් ලැබූ චරිත් අසලංක පස්වන කඩුල්ල හැටියට දැවී යන මොහොතේම කඩා වැටුණු වර්ෂාව නිසා ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව පන්දු ඕවර් 49.2 දී කඩුලු 6 ට ලකුණු 324 ක් ව නැවතිණ.පන්දු යැවීමේදි නවසීලන්තය වෙනුවෙන් ජාකොබ් ඩුෆී ලකුණු 41 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.


පිළිතුරු ඉණිම කවරේද යන්න ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගොඩ නැඟෙන්නට විය.පන්දු ඕවර් 27 දී ලකුණු 225 ක් යනු පහසු ඉලක්කයක් නොවන බව පැහැදිළිය.එහෙත් එය ක්‍රමයෙන් පහසු කර ගනු පිණිස විල් යන්ග් (48) සහ ටිම් රොබින්සන් (35) ගත් උත්සාහයට එක්වරම මහේෂ් තීක්ෂණ හරස් වීමත් සමග නවසීලන්තය අසීරු අඩියකට වැටිණ.ලකුණු 88 දී සහ 89 දී එම කඩුලු දෙක අහිමිවීමත් සමග අලුතින් ගොඩ නැඟෙන්නට සිඳු වුණ නවසීලන්තයට අතිරේක පන්දු යවන්නෙක් ලෙස පිවිඔස චරිත් අසලංක ලකුණු 15 ට කඩුලු 2 ක් දවා ගත්තේය.පසු පෙළ සුන් විසුණු කළ ඩිල්ෂාන් මධුශංක ලකුණු 39 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.නවසීලන්ත ඉණිම පන්දු ඕවර් 27 ක් වෛන තැන කඩුලු 9 ට ලකුණු 175 ක් ව තිබුණේ ශ්‍රී ලංකාවට ලකුණු 45 ක ජයග්‍රහණයක් ලබා දෙමින්ය.
ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://es.pn/3O8ibC1

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...