කොන්ග්‍රසයේ සම්පුර්ණ බලය ට්‍රම්ප්ට

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රබල බලයක් සහිතව මැතිවරණ ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය මේ වන විට එක්සත් ජනපදයේ කොන්ග්‍රසයේ සභා දෙක වන සෙනෙට් මණ්ඩලය හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන දෙකෙහිම බලය ලබාගැනීමට සමත්ව තිබේ.

මෙම අවස්ථාව වොෂින්ටනය a governing trifecta වශයෙන් හඳුන්වන අතර එල දුර්ලභ අවස්ථාවකි.

ට්‍රම්ප් සිය මුල් වසර දෙක තුළ ආයතනික බදු 35% සිට 21% දක්වා අඩු කිරීම සහ පුද්ගලයින් මත සමහර බදු කපා හැරීම, ඉතිහාසයේ විශාලතම සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම, විදේශ ආනයන සඳහා තීරුබදු ඉවත් කිරීම සහ පාරිසරික ආරක්ෂාව ආපසු හැරවීම වැනි ට්‍රම්ප්ගේ විශාල පොරොන්දු ඉටු කිරීමේදී මේවා තීරණාත්මක අවස්ථාවක් වනු ඇති අතර බහුතර කැමැත්ත මත ඒවා අනුමත කර ගැනීමේ වාසිය ඔහුට සැලසෙනු ඇත.

මෙලෙස කොන්ග්‍රසයේ බහුතර බලය ලැබීම ඉදිරි වසර දෙක තුළ කාර්යබහුල සහ සමහර විට කැළඹිලි සහිත කාලයක් ඇතිවිය හැකිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නව රජයේ තීරණාත්මක පත්කිරීම් කිහිපයක්ම මේ වන විට සිදුකර ඇති අතර ට්‍රම්ප් විසින් ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු කොන්ග්‍රස් සභික තුල්සි ගැබාඩ් ද, රාජ්‍ය ලේකම් ලෙස සෙනෙට් සභික මාර්කෝ රුබියෝ ද, ආරක්ෂක ලේකම් ලෙස පීට් හෙග්සෙත් ද, සීඅයිඒ ප්‍රධානියා ලෙස ජෝන් රැට්ක්ලිෆ් ද නම් කර ඇත.

මිට අමතරව ට්‍රම්ප් විසින් නව නීතිපති වශයෙන් පත් කරන ලද මැට් ගේට්ස් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇති අතර සෙනෙට් රිපබ්ලිකානුවන් ඔවුන්ගේ නව බහුතර නායකයා ලෙස ජෝන් තුනේ තෝරාගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...