(VIDEO)ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ජනතාවගේ මතය ප්‍රකාශ කිරිමට ඉඩ දෙන්න – සජිත්

Date:

කොළඹ LNW:මහමැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ගුණාංග සපුරාලන, ජනතා අයිතිය⁣ට මුල් තැනදෙන නිදහස් නිවහල් මැතිවරණයක් බවට පත් කරන ලෙසත් නිදහසේ ජනතාවට තමන්ගේ අදහස හා කැමැත්ත පළකිරිමට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් සමඟි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ, අද (14) පෙරවරුවේ සිය ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

ගරාවැටුණු කඩාවැටුණු දේශය, බංකොලොත් රට මේ වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සැවොම අත්වැල් බැදගෙන ලක්ෂ 220ටම රට ගොඩ ගැනීමේ ගමනට දායකත්වය ලබා දෙන ලෙසයි ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...