2024 මහ මැතිවරණය: මහනුවර උද්යෝගිමත්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දොළහක් පත් කර ගැනීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් අද (14) පෙරවරුවේ සිට උද්යෝගයෙන් යුතුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙන ආකාරය දැකගත හැකි විය.

ප්‍රධාන දේශපාල පක්ෂ 22ක් සහ ස්වාධීන කණ්ඩායම් 12ක අපේක්ෂකයන් 510ක් මහ මැතිවරණය සඳහා තරඟ වදියිත මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම ඡන්ද ප්‍රදේශ 13ක ඡන්ද මධ්‍යස්ථාන 890ක් තුළදී ක්‍රියාත්මක වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම්ලත් ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය 11 ලක්ෂ 91 399කි.

අද පෙරවරු 07.00 ඡන්ද විමසීම ආරම්භවීමත් සමඟ බොහෝ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද දායකයන් උද්යෝගයෙන් යුතුව පැමිණෙමින් සිටින අතර ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා මැතිවරණ නිරීක්ෂකයන් හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් අමතර පොලිස් නිලධාරීන් යොදවා තිබෙනු දැකිය හැකි විය.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සහ පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන හිමියන් මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී සිය ඡන්දය ප්‍රකාශ කරන ලදි.

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක කේ.ඩී.ලාල් කාන්ත මහතා සිය ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ ගෙලිඔය ශ්‍රී පඤ්ඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේදීය.

හිටපු පාර්ලිමේන්ත් මන්ත්‍රීවරුන් වන ලක්ෂ්න් කිරිඇල්ල, තිස්ස අත්තනායක, අනුරාධ ජයරත්න යන මහත්වරුන් ද අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කළහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...