රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW:
නුවරඑළිය – තලවාකැලේ – නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්ෆර්ඩ් (Dessford) ප්රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් දහඅට දෙනෙකුට සුළු තුවාල සිදුවිය.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එම බස් රථවලින් එකක් සංචාරකයින් පිරිසක් කොළඹ සිට නුවරඑළිය බලා රැගෙන යමින් තිබූ අතර, අනෙක් බස් රථයේ සිටියේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට ගමන් කරමින් සිටි පිරිසකි.
පොලිසියට අනුව, බස් රථ රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇත.


